September 01, 2023

සතියක්ම තනියම

Translation of the poem ‘Alone for a Week’ by Jane Kenyon

කන්දක්ම රෙදි සෝදා
වේලෙනු පිණිස වැනුවෙමි
ඉනික්බිති මා නගරයට ගියේ
තරමක් අවිවේකී වනු පිණිසයි

මා යළි ගෙදර එද්දී
රෙදි වැල මත
ඔබේ හොඳම කමිසයේ අත
මට ආචාර කරන්නට මෙන් එසැවිණි
අප දෙදෙනාගේ රෑ ඇඳුම්
සිහින් මඳ සුළඟෙහි
වෙළෙමිනි… ලෙහෙමිනි

එළඹුණත් රාත්‍රිය මා වෙත
දහවලය ඔබට, ඔබ සිටින තැනට
පිරී ඇතිමුත් සරත් සඳ
විසිරුණු වලාකුළු
මුවාකර ඇත එහි දීප්තිය

කැන්සාස් නගරය තරමට
පළල් ය, පැතලි ය
ඇඳේ ඔබ නිදන තැන
ඔබේ කොට්ටය පෙනේ
තරව, සිසිල් ව
රූපකයක් ව


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක


Jane Kenyon (1947- 1995) ඇමෙරිකානු ජාතික කිවිඳියක් සහ පරිවර්තිකාවක් විය. ඇගේ නිර්මාණ සරල වූවත් ඒවා මානුෂීය හැඟීම් වලින් පොහොසත් ය. ඈ කවි පොත් හතරක් පළ කර තිබේ

ලන්ඩන් කවි - සැප්තැම්බර් 2023 

Photo- Caspar Rubin on Unsplash





11 comments:

  1. ලස්සන අදහසක්. එදිනෙදා වැඩපල , කවි සිතුවිල්ලකට හැරවිලා තියෙන හැටි අපූරුයි.👌

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? බොහොම සාමාන්‍ය සිදුවීමක් ජීවමාන කරලා.
      (කමෙන්ට් එක දැකලා ආයෙත් බැලුවා මේ බස්සා ම ද කියලා) 😃 😃

      Delete
    2. නෑ, නෑ වැටවල් වලට අමතරව අපි කමෙන්ටුත් කොටනවා.🤣

      Delete
  2. හරිම ලස්සනයි මලී.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද

      Delete
  3. "අප දෙදෙනාගේ රෑ ඇඳුම් සිහින් මඳ සුළඟෙහි වෙළෙමිනි… ලෙහෙමිනි" මෙතන පොඩි sexual touch එකක් එකතු කරලා තියෙන විදිහ ලස්සනයි නේ. Missing intimacy.. portrayed so beautifully.

    "කැන්සාස් නගරය තරමට පළල් ය, පැතලි ය ඇඳේ ඔබ නිදන තැන" මෙතනත් හරිම ලස්සනයි I miss you so much කියන විදිහ. (That's my interpretation, any way).

    ඔරිජිනල් කවියේ The sleeve of your best shirt rose ceremonious කොටස මලී හරිම දක්ශ විදිහට සිංහලට අරගෙන.

    ReplyDelete
    Replies
    1. Lotus- ඔව්, බොහොම සරල විදිහට ඒ intimacy එක, miss වෙන එක පෙන්නන විදිහ හරි ලස්සනයි නේද? ඔරිජිනල් කවියේ ලස්සන පරිවර්තනයෙදී හරියටම ආවාද කියලා සැකයෙන් මම හිටියේ. seems it is ok after all. Thank you for the compliment :)

      Delete
  4. ඇත්ත
    මලී දක්ෂ විදියට වචන හොයාගන්නවා
    ඒකයි ඔයාගේ පරිවර්තන රසවත් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. Thank you Kumudu!
      මම සිංහල පිළිවෙලට ඉගෙන ගත්තේ ටිකක් ලොකු කාලේදී. ඒ නිසාද කොහෙද සරල වචනවලට තමයි වැඩි කැමැත්ත :)

      Delete