September 25, 2023

තාවකාලික, ස්ථිර

ඔබේ දිවි ගමනේ
බොහෝ මුණගැසීම්
සිහින
සහ ගිම්හාන සිනාවන්
වෙනුවෙන් පමණි

සුළඟේ දිශාව වෙනස් වන තුරු
උදම් රළ නැගෙන තුරු
ඔබ හා සිටින ඔවුහු
සිසිරයේ පළමු හිම පතනය සමඟ
අතුරුදන් වෙති

එනමුදු ඇතැම් අය
ඔබ සමඟ
කුණාටු ද වේදනාව ද දරා ගැනීමට
නිමවුණු අයයි

යකඩින් සැදුණු
රනින් හැඩ වූ ඔවුන්
ඔබට
කිසි දෙයකට තනිව මුහුණ දීමට
ඉඩ හරින්නේ නැත

එවැන්නන් හඳුනා ගන්න
ඔවුන්ට ලැබිය යුතු ආදරය දෙන්න

ඔබේ ජීවිතයේ හැම කෙනෙක්ම
තාවකාලික නැත
ඇතැමුන් ආදරය ඉපැරණි තරමටම
සදාකාලිකය


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Temporary, Permanent' by Nikita Gill

Digital Sketch



6 comments:

  1. හූම්..හූම්....😁

    ReplyDelete
  2. ලස්සනයි මලී.
    ජයවේවා

    ReplyDelete
  3. හරිම ලස්සණ පරිවර්තනයක්. මලී දැන් ටික දවසකට කලිනුත් Nikita Gillගෙ කවියක් පරිවර්තනය කරලා තිබුනා වගේ මතක නිසා, මම ඇයගෙ කවි කීපයක් බැලුවා. පුදුම insights නේද.

    මේක බලන්නකො.
    "One day you will meet someone who will see the universe that was knitted into your bones, and the embers of galaxies glow to life in your eyes. And you will finally know what love is supposed to feel like". (Nikita Gill, What does love feel like)

    Simply WOW.

    ReplyDelete
    Replies
    1. Lotus ඔව්, මම Nikita Gill, Rupi Kaur, Lang Leav වගේ මෑත යුගයේ කිවිඳියන්ගේ කවි පරිවර්තනය කරලා තියෙනවා ටිකක් වැඩිපුර. ඒවා බොහෝ වෙලාවට බොහොම සරල ඒ වගේම ගැඹුරු, resonating කවි. සමහර වෙලාවට ඒ සරල බව රැකගනිමින් ගැඹුරු අදහස සිංහලට නඟන්න පුලුවන්ද කියලාත් මට සැක හිතෙනවා.
      මේ කවියත් ඒ වගේ තමයි. දවසක පරිවර්තනය කරන්න උත්සාහ කරන්නම් :)

      Delete