මේක තවත් පොත් පෝස්ට් එකක්. පොත් ගැන ම නෙමෙයි ලිවීම ගැන.
අද මාත් එක්ක කතා කළ කෙනෙක් කිව්වා 'ලියන්න ආසයි, ලියන්න දේවලුත් තියෙනවා, ඒත් දැන් පරක්කු වැඩියි කියලා හිතෙනවා.' කියලා.
මම නම් ලියන්න ගත්තේ අවුරුදු තිහත් පැනලා කීවාම ඈ විශ්වාස කළේ නැහැ. ඒ වගේම තමයි මම සිංහල හරියට ඉගෙන ගත්තෙත් වයස අවුරුදු දහයක් විතර වෙලා කියන එක. ඒ නිසා මේක It is never too late to follow your heart වර්ගයේ පෝස්ට් එකක්.
මම ඉස්කෝලේ යන කාලේ සිංහලෙන් නම් නිර්මාණාත්මක දේවල් ලීවෙම නැති තරම්. පස්සේ කාලෙකත් මම ලියන්න පටන් ගත්තේ එක්තරා විදිහකට හිත නිදහස් කරගන්න ක්‍රමයක් හැටියට. මුලින් ලීවේ කවි. කෙටිකතා, පරිවර්තිත කවි, පරිවර්තිත කෙටිකතා කියන පැති වලට මම යොමු වුණේ ක්‍රම ක්‍රමයෙන්, බොහොම හෙමින්. (මුලින්ම කෙටිකතාවක් පරිවර්තනය කරලා තාම අවුරුදු තුනක් වගේ) මට ලියන්න පුළුවන් බව මම දැනගත්තෙත් අනුන්ගෙන්. මට තියෙන හැකියාවක් ගැන විශ්වාසයක් ගොඩනැගුණේ මම ලීව දේවල් කියවපු අයගේ ප්‍රතිචාර වලින්. ඒකත් ජීවිතේ එක්තරා විදිහක irony එකක්.
මම ලියලා තියෙන්නේ පොත් දෙකයි, ඒ නිසා මම මහා කතුවරියක් නෙමෙයි. හැබැයි මම නිරන්තරයෙන් විවිධ දේවල් ලියනවා, පරිවර්තනය කරනවා, ඉන් ලොකු සතුටක් ලබනවා. මම ලිවීමේ නියැලුණේ නැති කාලයක් තිබුණා ද කියලාත් මට දැන් හිතාගන්න බැහැ. ඒ නිසා 'ලියන්න ආසයි ඒත් දැන් පරක්කු වැඩියි' කියලා හිතන අය ඉන්න එක අපරාදේ කියලා මට හිතෙනවා. ලිවීම පොතකින් ම කෙළවර නොවුණත් දැන් මේ සයිබර් අවකාශයේ ඕන තරම් ඊට අවස්ථාව තියෙනවා. ලියන දේවල් කියවන්න කැමති අයත් ඕන තරම් ඉන්න බව මම අත්දැකීමෙන් දන්නවා. ලියද්දි ලියද්දී අභ්‍යාස වෙන නිසා හැකියාව දියුණු වෙනවා. ඒ වගේම ලිවීමෙන් ලැබෙන තෘප්තිය මිළ කරන්න බැහැ. 'ලියන්න ආසයි පරක්කු වැඩියි' කියලා හිතන එක්කෙනක් හරි මේක දකීවි කියන අදහසිනුයි මේ පෝස්ට් එක ලිව්වේ.
මේ අද මට book fair ගිය මිතුරියක් එවපු පින්තූරයක්. මට නම් මේක වචන දහසකින් වත් කියලා නිමකරන්න බැරි කතාවක් කියන පින්තූරයක්.
"මට නම් මේක වචන දහසකින් වත් කියලා නිමකරන්න බැරි කතාවක් කියන පින්තූරයක්". Congrats!, and glad you are sharing that joy with us-your fan club.
ReplyDelete"මට තියෙන හැකියාවක් ගැන විශ්වාසයක් ගොඩනැගුණේ මම ලීව දේවල් කියවපු අයගේ ප්‍රතිචාර වලින්". මගේ music teacher නිතරම කියන දෙයක් තමයි "it's all about confidence" කියන එක. හුඟක් වෙලාවට අපිට යමක් කරන්න බෑ බෑ කියලා හිතෙන්නෙ ඒකයි. සමහරවිට අපේ culture එකේ ප්‍රශංසා කිරීම බහුලව වෙන්නෙ නැති එකත් ඒකට හේතුවක් වෙන්න ඇති. Voice SL වගේ වැඩසටහන් ලංකාවෙ කරන එක ගැන මම ඉතාම සතුටු ඒකයි.
Thank you Lotus, and much love to my fan club for constantly cheering me on <3
Deleteඇත්ත, self confidence අතින් නම් මම හිටියේ ඍන අගයක. මං යම් දුරක් ආවානම් ඒ මට වඩා මං ගැන විස්වාස කළ අය නිසායි.
ප්‍රශංසා කරන එක අඩු එක ගැන ප්‍රශ්නයක් තියෙනෝ..
Deleteමට නම් ගොඩක් වෙලාවට දැනිල තියෙන දෙයක් තමයි ප්‍රශංසා කරනවා කියලා කරගන්න ගත්තම බොරුවට, මූනිච්චාවට එහෙමත් ප්‍රශංසා කරනවා....
අනිත් එක මටත් තවම තේරෙන්නේ නෑ හරියට heartiest ප්‍රශංසාවක් කරන්නෙ කොහොමද කියලා..
එහෙම බැලුවම නම් අපි(මම) ප්‍රශංසා කරන්න දන්නෙත් නෑ සහ හරිම අඩුයි...
නවීන්- ඔයා කීව දේවල් ගැන මම ටිකක් කල්පනා කළා. මේ ඒ ගැන මට හිතෙන හැටි
Deleteප්‍රශංසා (අපි feedback කියමුකෝ, හොඳ නරක දෙකම තියෙන්න පුළුවන් නිසා)අඩුයි තමයි. හැබැයි බ්ලොග් වලට වඩා fb එකේ තියෙනවා. සමහර වෙලාවට අපි කියවන්නේ හදිස්සියේ, බස් එකේදී කෝච්චියේදී එහෙම. එහෙම වෙලාවට enjoy කළාට feedback දෙන්න වෙලාවක් නැහැ/ මහන්සි වෙන්නේ නැහැ වෙන්න පුළුවන්. (මාත් සමහර වෙලාවට එහෙමයි) ලියන කෙනා ඒක personally ගන්න නරකයි. මට නම් feedback කියන්නේ බෝනස්. සතුට තියෙන්නේ ලියන එකෙයි. එක කමෙන්ට් එකක් වත් නැති උනත් මම ඊළඟ වතාවෙත් පොස්ට් කරනවා, මොකද එතකොට මම ලියන කියන දේ එක තැනකට එකතු වීමක් ඉන් වෙන නිසා.
ඔයා කීව දෙවෙනි කාරණාව මේකෙම අනිත් පැත්ත. බොරුවට කරන ප්‍රශංසා තියෙනවා. විශේෂයෙන් fb එකේ. බොරුවට ම නෙමෙයි යාළුකමට, අපි කියන්නේ ෆිට් එකට කියලා. නිර්මාණය හොඳ උනත් නැති උනත් 'නියමයි, ලස්සනයි, මාරයි' කියනවා. මේ ගැනත් මට තියෙන්නේ අර මධ්‍යස්ථ හැඟීම මයි. ඒවායිනුත් ලොකුවට 'ඇඳගන්නේ' නැතිව ඉන්න පුළුවන් නම් හොඳයි. කවුරු කොයිතරම් ප්‍රශංසා කළත් මට නම් එක වේගයකට වැඩිය එක ක්‍රමයකට වෙනස් ව ලියන්න බැහැ.
heartiest ප්‍රශංසා ගැන මම නම් මෙහෙම දෙයක් කරනවා. හොඳ පොතක්, සටහනක් කියෙව්වාම ඒ ලියූ කෙනා හොයාගන්න පුළුවන් නම් මම ඒ නිර්මාණය රස වින්ද බව කියලා පණිවිඩයක් යවනවා. එයාලා ට ඕවා කියන්න අපි කවුද වගේ හිතුනත් මම නම් ඒක කරනවා. (හැම තිස්සෙම නෙමෙයි. හොඳටම enjoy කළොත් විතරයි ) මෙහෙම දුන්නු ප්‍රතිචාර වලට බොහොම සතුටුදායක පිළිතුරු ලැබිලා තියෙනවා, හොඳම මිතුරියන් කීප දෙනෙකුත් මේ හරහා මුණගැහිලා තියෙනවා. Funny Boy ලීව ශ්‍යාම් සෙල්වදුරෙයි පවා feedback එක අගය කරමින් පිළිතුරු එවලා තිබුනා. මේවායින් මම තේරුම් ගත්ත දෙයක් තමයි කොයිතරම් ප්‍රසිද්ධ ලේඛකයෙක් උනත් කැමතියි මෙහෙම ප්‍රතිචාර දෙන එකට. ඒ නිසා පුළුවන් හැම තිස්සෙම මම ඒක කරනවා. ඇත්තටම දැනෙන දේ කියද්දී heartiest ප්‍රශංසා කරන්න අමාරු නැහැ
Mmm Hmm හිතන්න ඕනී🤓
Deleteගොඩක් අදහස් වලට එකඟයී
මලී කියලා තියෙන කරුණු වලට අමතරව, නවීන්- මම හිතන්නෙ කවුරු හරි අපිට ප්‍රශංසා කරන්නෙ බොරුවටනම්, ඒ ප්‍රශංසාව හෝ පුද්ගලයා හරහා එන vibes වලින් ඒක අපිට තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ. අපිට පුද්ගලයා දකින්න බැරි වුනත්, කමෙන්ට් එකක් හරහා උනත් එන ශරීර භාශාව තේරුම් ගන්න පුලුවන්නෙ.
Deleteමම නම් හිතන්නෙ අපේ යාලුවෙකුට (හෝ ඕනෙම කෙනෙකුට) අපිට කරන්න පුලුවන් ලොකුම උදව්ව තමා යම් දෙයක අඩුපාඩුවක් දැක්කොත් අවංකව ඒ ගැන කියන එක. අවාසනාවට හුඟක් අයට තව කෙනෙක්ගෙ හිත නොරිදවා diplomatically එහෙම කරන්න හැකියාවක් නෑ., 'පිට කසාගැනීමෙන්' විතරක් නවතින්නෙ ඒකයි and that doesn't benefit anyone in the long run.
Lotus- මට පෙනිලා තියෙනවා දැන් තරුණ ළමයි හරියට අනුන්ගෙන් validation/assurance seeking කියලා. සතියට දෙපාරක් විතර tell me what you think of me, say one good thing about me වගේ පෝස්ට් දාන්නේ වෙන මොකකටද කියලා මට නම් හිතාගන්න බැහැ. මෙහෙම අයට ඇත්ත ප්‍රශංසාව බොරු එකෙන් වෙන් කරගන්න අමාරු වෙන්න පුළුවන්. හොඳ අහන්න පිපාසාවෙන් ඉන්න නිසා විවේචනයක් දරාගන්න අමාරු වෙන්නත් පුළුවන්.
Deleteඔයා කීව දෙවෙනි කරුණ නම් හරියට හරි. මටත් මේ ලියන්න ගත්ත අවුරුදු දහය පහලවට ඒ වගේ genuine විවේචකයන් අතලොස්සක් මුණගැහිලා තියෙනවා. ලියන්න පටන් ගත්ත මුල් කාලේ එහෙම පාර පෙන්නුව ප්‍රවීණ කෙනෙක් තමයි සමර විජේසිංහ කවියා. ඒ කාලේ එයා අපේ ව්‍යාකරණ දෝස අකුරු දෝස එහෙම බොහොම කරුණාවෙන් හැදුවා. දැනුත් ඉන්නවා 'අයියෝ අර කෑල්ල වෙනස් කරන්න, ඒක මෙලෝ රහක් නැහැ!' කියලා කියන අතිජාත මිත්‍රයෝ. මම නම් හරි කැමතියි ඒ වගේ criticism වලට. ඒවායින් තමයි ලියන කෙනා වැඩෙන්නේ. එහෙම විවේචන කරන්න පුළුවන් සහසම්බන්ධතාවයේ එක comfort zone එකකට ආවාම කියලා මට හිතෙනවා.
"හොඳ අහන්න පිපාසාවෙන් ඉන්න නිසා විවේචනයක් දරාගන්න අමාරු වෙන්නත් පුළුවන්"-True, lack of self esteem is a big issue.
Deleteහැබැයි මම හිතන්නෙ බටහිර අධ්‍යාපන ක්‍රමයේ peer learning/peer feedback යම් තරමකට සාර්තකව භාවිතා වෙනවා කියලා.
එහෙම කීවට පස්සෙ තේරුනේ Validation seeking and lack of self esteem නම් මගෙත් තියෙනවා. chatgpt එකටත් දාලා බැලුවා.
Deleteහැබැයි සමාජීය සත්වයෙක් විදියට බලපුවාම ඒක සාධාරණයි...
//එහෙම විවේචන කරන්න පුළුවන් සහසම්බන්ධතාවයේ එක comfort zone එකකට ආවාම කියලා මට හිතෙනවා. // ඒකට ගොඩක් දුරට එකඟයී
Validation seeking අපි හැමෝටම තියෙනවා නවීන්- පෘතග්ජන මිනිස්සුනේ. ඒක නෙමෙයි නරක. අනුන්ගේ මතය මත සම්පූර්ණයෙන්ම depend වීම. එතකොට තව කෙනෙක්ගෙන් කෙනෙහිල්ලක් වුනොත් එකපාරට කඩා වැටෙනවා. lack of self esteem මේකට එක හේතුවක්. මටත් තදට තිබුණා ඉස්සර. තමන් තමන්ව තේරුම් ගැනීම, තමන්ට අගයක් දීම හරහා හෙමින් සැරේ හරියනවා.
Delete💝
Deleteමම පරණ පොස්ට් එකක තිබ්බ ලින්ක් එකක් දිගේ ගිහින් ආන්ද්‍රක ගෙ අහස කතාව බලල ආව. ඒක කියෙව්වාම, මට හිතුනෙ "අපිට කොයින්දෑ බූල් බල්ලො?" වගේ හැඟීමක්.🫠
ReplyDeleteබස්සා- ඒ මොකදැයි ඒ? :D
Deleteඑහෙම හිතුනේ ඒකෙ තියෙන ෆැන්ටසිමය ගතිය නිසා නම්- මගේ ඇතුලේ ඉන්නවා පොඩි ළමයින්ට ගැලපෙන ෆැන්ටසි, make believe කතා ලියන කෙනෙක්. එයා හිටපු ගමන් ලොකු අයට ත් ගැලපෙන ෆැන්ටසි කතා ලියනවා. (මම sci -fi ලියන්නෙත් මේකෙම branch එකක් හැටියට) ලියද්දි එහෙම නැකත් යෙදුනු දවසට තමයි අන්ද්‍රක ලා මේඝන ලා උපදින්නේ :D
මම ෆික්ශන් ලියන්න ට්‍රයි කලා, තාම කරනව. නවල් එකකට නවල් කතාවක් තියන නිසා.
ReplyDeleteමම ඒ ශොන්රෙ එකේ (historical / adventure/ action) නවකතා හුඟාක් කියවල තියන නිසා හිතේ අයිඩියාස් වැඩියි. සබ් ප්ලොට්ස් වැඩියි. ඇක්ශන්, ට්විස්ට්ස් ඔක්කොම දේවල් වැඩියි හිතේ. ඒ නිසා කිසිම දෙයක් හරියට තීරණය කරන්න අමාරුයි.
හුඟක් ලියන යාලුවෙක් මට කිව්වා හුඟාක් කියවනම් නවකතවක් ලියන එක විදිහකට අමාරුයි කියල. එයා පටන් ගත්ත කාලේ එයාට ලැබුන අවවාදයක්ලු ලියන්න පටන් ගන්න කාලෙකට කලින් ඒ වගේ පොත් කියවන එක නවත්වන්නෙයි කියල. නැත්නම් කියවපු ඒවා කොපි වෙනවයි කියල. මං හිතන්නෙ ඉන්ෆ්ලුවන්ස්වෙන එකනම් නවත්වන්න බෑ. අඩු ගාණෙ එක විදිහකට තීරණය කරන්නවත් ලේසිවෙයි.
Pra Jay -
Deleteමම නවකතා ලියලාම නැහැ. මගේ ප්ලොට් එකක් නවකතාවක් දක්වා විකාශය කරන්න බැරි එක්කෝ මගේ කම්මැලිකම නැත්නම් නොහැකියාව. හැබැයි අර පොත් කියෙව්වාම ඉන්ෆ්ලුවන්ස් වෙන කතාව නම් ඇත්ත වෙන්න ඇති කියලා හිතෙනවා
මම අහලා තියෙනවා නවකතාවක් ලියද්දි ඒකෙ සැකිල්ල මුලින් ලියාගන්න එක ප්‍රයෝජනයි කියලා. (Maps, family trees එක්ක) එතකොට මැදදී deviate වීමත් අඩු ලු. හැබැයි ඉතින් ප්‍රායෝගිකව සාර්ථක ද නම් දන්නේ නැහැ.
කොහොම වුනත් අදහස් වැඩි වීම නිසා අපිට Pra Jay ගේ නවකතාවක් කියවන්න නොලැබෙන එක නම් අපරාධයක් :)
සටහනට එකගයි මලී. ලියද්දි දැණුම වගෙම හැකියාවත් වැඩි වෙනව. සතුටත් එහෙමමයි.
ReplyDeleteජයවේවා
ඔව් දුමින්ද, ඔයාත් ආයෙත් බ්ලොග් ලියන්න ගත්ත එක කොයිතරම් දෙයක්ද!
Deleteමට තියෙනවා කතා ගොඩක් ලියන්න. ඊට කලින් මැරෙයි කියල හිතෙන්නේ
ReplyDeleteමාරයා පරදමු, හනි හනික ලියමු! :D
Deleteමම ආපහු බ්ලොග්වලට ආ බව කියන්නයි ආවේ. ලිපිය කියවන්න ආයෙත් එන්නම්...
ReplyDelete