'but music only exists because the pauses exist, and sentences only exist because the blank spaces exist'- Paulo Coelho

May 30, 2023

'සුසුමකින් සුළි සුළඟ' - ලක්ශාන්ත අතුකෝරල


සුසුමකින් සුළි සුළඟක් මවන්න පුලුවන්ද? සමහර සුසුම් වලින් හොඳටම පුළුවන්.

'සුසුමකින් සුළි සුළඟ' ලක්ශාන්ත අතුකෝරල කවියාගේ කෙටිම කෙටි කවි සහිත කවි පොතක්. ඔහුගේ 'සමහර කමටහන්' සහ 'යටි වියන' කවි පොත් දෙක මම නිතර කියවන්නේ ඔහුගේ කවි ආරට මම බොහොම කැමති නිසා. ඒත් ඊයේ පෙරේදා දවසක ඔහුගේ මේ කවි පොත පුස්තකාලයේ තිබිලා මට හම්බවුණා. මේකේ කවි ලියවිලා තියෙන්නේ කළින් පොත් දෙකේම කවි රටාවන්ට වඩා වෙනස් ආරක බව දැක්කාම මට පුදුම හිතුණා. මීට කලින් ලක්ශාන්ත ගේ කෙටි කවි මම දැකලා තිබුණේ නැහැ. බොහොම දුර අතීතයේ දී මමත් සෑහෙන්න කෙටි කවි ලීව නිසා මේ කවි හරි ඉක්මණින් මගේ හිත ගත්තා. ලක්ශාන්ත ගේ පරිකල්පනය, නිර්මාණ ශක්තිය වගේම බොහොම ලොකු කතා වචනයෙන් දෙකෙන් කියන්න පුළුවන් මේ හැකියාව ඉතාමත් ප්‍රසංශනීයයි. 

මේ එයින් කවි කීපයක්.





සංජීවී සෙනෙවිරත්නගේ දියසායම් සිතුවමින් මේ කෙටි කවි තවත් හැඩ වෙලා තියෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පොතට නියමිත කවි 150 ට අමතරව කවියාගේ මුල් කවි සංග්‍රහයෙන් කවි 150කුත් නොමසුරුව පොතේ අගට එකතු කරලා තියෙනවා.  සරලව කියනවා නම් මේ කවි පොතම රසබර අත්දැකීමක්. ස්තූතියි ලක්ශාන්ත, මේ සුසුමින් නම් සුළි සුළං මැවෙනවා! 
 



7 comments:

  1. රසවත් "ෂෝට්ස් ඊට්ස්" වගේ කවි.🙏👌

    ReplyDelete
  2. ඔව් මයි
    ෂෝට්ස් ඊට්ස්...
    මරු නමක් ඒක

    ReplyDelete
  3. බස්සා, කුමුදු- කවි 300ක් විතර තියෙනවා, මේක short eats buffet එකක්! :D

    ReplyDelete
  4. මේ ලින්ක් එකේ තිබෙන්නේ මම ලක්ශාන්තගේ මෙම කවි පොත ගැන 2018 වසරේ ලියූ ලිපියක්.

    https://patayakagepituwa.blogspot.com/2018/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රභාත්, ලක්ශාන්ත ගේ මිතුරෙක් හමුවීමත් සතුටක්.
      ඔහු බොහොම දක්ෂ කවියෙක්, තව බොහෝ දුර යා යුතු කෙනෙක්

      Delete
  5. "73"
    කලක් පිරිමැද
    හොඳටම මුදු වූ පසුය ඈ
    සිදුරු කලේ හිත

    ඒක නම් දැනුනා මාර විදියට

    ReplyDelete
    Replies
    1. ඔව් නවීන්, මේවා හරි සාන්ද්‍රයි නේද?

      Delete