'The trouble is if you don’t spend your life yourself, other people spend it for you.'― Peter Shaffer

May 28, 2023

දරුවන්



Translation of the poem 'May we raise children' by Nicolette Sowder

ආදරය නොලැබෙන දේ ට
ආදරය කරන්නට හැකි දරුවන්
තනන්නට අපට හැකි වේවායැයි පතමි

ඩැන්ඩිලයන් මල්වලට,
පනුවන්ට, මකුළු පැටවුන්ට
ආදරේ දරුවන්

රෝස මලට කටු අවැසි ඇයි දැයි
තේරුම් ගතහැකි දරුවන්

හිරු රැසින් පිරි දවස් වෙත මෙන්ම
වැසි වැටෙන දවස් වෙතත්
එක ලෙසටම දිව යා හැකි දරුවන්

ඔවුන් වැඩුණු විට
පෙර කලෙක
මට සිලුටු දේ රැක බලාගෙන
ලද අත්දැකීම් නිසා ම
හඬක් නොමැති වූවන් වෙනුවෙන්
හඬක් වීමට ඔවුන්ට හැකි වනු ඇත

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක


Pencil sketch

2 comments:

  1. මන් හිතන්නෙ මලී දැන් කාලෙ බබාලා නම් මේ දේවලින් ගොඩක් ඉස්සරහින් ඉන්නෙ.

    මේක හැබැයි extreme ගිහිල්ලා, woke culture එකට යන්නත් පුලුවන් නේද.

    ReplyDelete
    Replies
    1. Lotus- ඔව් දැනුමත්, දැනුම ගවේෂණයත් අතින් අපිට වඩා දැන් ළමයි බොහොම ඉස්සරහින් ඉන්නේ. ඒත් මෙතැන 'හඬක් නැති අය' ගැන දැනෙන empathy එක නම් ගෙදරින් සහ පරිසරයෙන් නොදුන්නොත් ඒ අඩුව ඉතුරු වෙනවා නේද?
      Woke culture එකේ awareness සහ අනුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම වගේ දේවල් හොඳයි. ඒත් තරුණ දරුවන්ව ඕනෑම හොඳ හෝ නරක ඉගැන්වීමකට ලේසියෙන් බාගන්න පුළුවන් නිසා කොයි දේටත් ප්‍රවේසමෙන් approach කිරීම තමයි වැදගත්.

      Delete