December 13, 2022

'පින්තූරයක් නැත'- කවි 10ට ගී 10ක් වෙතින්

'පින්තූරයක් නැත' කවිය මම ලියන්නට යෙදුණේ 2015 අවුරුද්දේදී. එදා ඉඳන් මේ පහුගිය අවුරුදු ගාණට මම හීනෙන්වත් නොහිතුව විදිහට ඒ කවිය දස දහස් වාරයක් share වෙමින් කවියට ලැදි හිත් අතරේ පැතිරිලා ගියා. අදටත් ඒක මගෙන් වෙන් වූ පැවැත්මක් තියෙන තරමට ජීවමාන බවට මට නිතිපතා සිහි කැඳවීම් ලැබෙනවා.
 
චරණ රූපවාහිනී නාලිකාවේ 'කවි දහයට ගී දහයක්' වැඩසටහන වෙනුවෙන් කවි දහයෙන් එක් කවියක් හැටියට 'පින්තූරයක් නැත' කවිය එකතු කරගන්න මිගාර බමුණුසිංහ සොයුරා අහද්දී මට මේ බව තවත් තහවුරු වුණා. ඉතින් සයිබර් අවකාශයේ සැරිසරමින් තිබුණු මගේ කවිය, ඉන් ඔබ්බට- රූපවාහිනී මාධ්‍යයටත් අරන් ගිහින් තවත් රසිකයන් සමූහයක් එක්ක බෙදා ගත්තාට ඔහුට මගේ ස්තූතිය. වැඩසටහන මෙහෙයවූ වජිර ජයවර්ධන සහෘදයා ඇතුළු වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායමටත් මගේ ප්‍රණාමය.



4 comments:

  1. හරිම සන්තෝෂයි හෙල්මලී. ඔබේ කවි අතරින් එය මමත් හරිම කැමති එකක්. සවන කවි මිණි ආර තුල ඒ කවිය තිබෙනවා. තව තවත් එවන් නිර් මාණ කියවන්නට බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අනුරුද්ධ. ලීවට කොහෙවත් publish නොවෙන්නත් ඉඩ තිබුණු මේ කවිය මගේ කවි අතරින් වැඩියම කතා බහ කෙරුණු කවියක් වුණු එකත් එක්තරා පුදුමයක්.

      Delete
  2. මලීගෙ කවිය ගැන කතා කරන්නෙ කොයි මිනිත්තු ගානෙදි කියලා දැම්මනම් හොඳයිනෙ. ඔක්කොම බලන්න වෙලා හම්බවුනේ නැත්නම් ඒ ටික හරි බලන්න පුලුවන්නෙ.

    "'පින්තූරයක් නැත' කවිය මම ලියන්නට යෙදුණේ" : By using the words 'ලියන්නට යෙදුණේ' did you want to imply that it was composed with virtually no effort.

    ReplyDelete
    Replies
    1. Lotus- මගේ කවිය ගැන කතාකරන්නේ තුන්වෙනියට. 26 වෙනි විතර විනාඩියේ. (පෝස්ට් එකට එහෙම නොදැම්මේ ඒක මිගාර ට කරන අගෞරවයක් වගේ හිතුන නිසා. මම ඉතින් ඒ වැඩසටහනෙන් දහයෙන් එකක් විතරයිනේ.)

      //did you want to imply that it was composed with virtually no effort.// පොඩි පොඩි වචන සෙල්ලම් අල්ලන ඔයා හරි sharp නේද? :)
      The answer is yes, it was written with virtually no effort, right from the heart. The effort was to actually publicize it. If not for a very good friend who saw its potential and pushed me until I posted it, it would have remained hidden in some folder of drafts forever. So I believe it has some kind of inherent magic that allows it to fly off on its own

      Delete