December 21, 2022

මට ඔබේ මව මුනගැසුණු අයුරු



Translation of the poem 'How I Met Your Mother' by George Bilgere

සාදයකදී ඇය ව දැක
ඈ වෙත ගොස් මෙසේ ඇසුවෙමි
"කැමතිද මා හා විවාහ වෙන්න,
එක්ව නිවසක් මිළට ගන්න
වරක් දෙවරක්
දරු ප්‍රසූතියේ කටුක වේදනාව විඳින්න
එක්ව ඇතිතරම් නෙට්ෆ්ලික්ස් බලන්න
අවන්හල් වලින් කෑම කන්න
(විශේෂයෙන්ම රුගේරි අවන්හලේ කෑම)
සුරතල් බල්ලෙක් හදන්න
නිවාස ණය ගැන තර්ක කරන්න
අන්තිමේදී මගේ අවසාන දවස් වල
මගේ ළඟ සිටින්න
මගේ මළගම සුදානම් කරන්න
සියලු දේ පිළිවෙල කරන්න
ඉනික්බිති මා නොමැති
ඒ අමුතු අලුත් දිවිය
තනියම අරඹන්න
මේ ඉල්ලීම බරපතල වැඩිද?"

තම මොජිටෝ පානය තොල ගාමින් සිටි ඈ
මෙසේ කීවාය
"කැමතියි! අපි මොකටද තව බලාගෙන ඉන්නේ?"

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

දිනමිණ - වසත් සුළඟ 21.12.2022 


sketch- felt pens on paper

12 comments:

  1. I love that art...sure it comes first
    next
    yes....it is too heavy

    ReplyDelete
    Replies
    1. Thank you Kumudu
      කුමුදු දැන් හදිසියේ දුවලා යන්න නේද මේ පැත්තේ එන්නේ? :)
      මේ සැරේ නම් කවියෙන් පස්සේ ඊට ගැලපෙන්න චිත්‍රය ඇන්දේ. ඉස්කෝලේ නිවාඩු කාලෙනේ!

      Delete
    2. චිත්‍රෙ ලස්සනයි😋😚

      Delete
    3. ස්තූතියි නවීන්!

      Delete
  2. සෑහෙන බරපතලයි ඒ ඉල්ලීම නම්. 'මා නොමැති' කාලය ගැනත් කියලම අහපු එක හොඳයි.

    මම ඔරිජිනල් එක බැලුවා. කැමතිම dish එකේ නමත් සඳහන් කරලා තියෙනවා නේද osso buco කියලා.

    ReplyDelete
    Replies
    1. මට මේක දැක්කාම මතක් වුණේ මොකක්ද දන්නවද? හරියටම තමන් කලින් 'නොමැති' වෙයි කියලා කිව්වේ කොහොමද කියලා! මම දන්නා කට්ටියක් ඉන්නවා ඒ ගෙදර ඇන්ටි අන්කල්ට වඩා අවුරුදු තිහක් (ඔව් තිහක්!) බාලයි. හැමෝම හිතුවේ ඒ ඇන්ටි ඉක්මණින්ම ළමයි එක්ක තනිවෙයි කියලා. ඒත් ඇන්ටි හදිසියේම වයස පනස් ගණන් වලදී මැරුණා, අන්කල් අනූ ගාණක් වෙනකම් හිටියා! ඒ නිසා ඕවා ඉතින් යූ නෙවර් නෝ දේවල් නේද? :)

      //කැමතිම dish එකේ නමත් සඳහන් කරලා තියෙනවා නේද osso buco කියලා.//
      මම පරිවර්තනය කරද්දී පොඩි short cut එකක් ගැහුවාම Lotus වගේ අය නිසා ඒවා අහුවෙනවා :D
      ඇත්තම කියනවා නම් ඔසෝ බුකෝ කියලා සිංහල කවිය තවත් කම්ප්ලිකේට් කරන්නේ නැතිව මම ඒ කෑල්ල හැලුවා! poetic license එක මේවාට අදාළ නැතිද මන්දා!

      Delete
    2. ඔව් මලී, so sorry for that
      මම ඩිප්ලෝමා එකක් ගැන කිව්වා නේද ජපුරේ
      එකේ mid exam තිබුනා. තවත් තියෙනවා. project proposal දෙන්න තියෙනවා
      කරගත්තු මෝඩකමක් කියලත් හිතෙනවා වයසට ගිහින් පාඩුවේ ඉන්නැතුව.
      ඔක්කෝටම වැඩිය තියෙන ප්‍රශ්නේ තමයි අමතක වෙන එක.
      ඒත් ....අනිවාර්යයෙන්ම ඔයාල ලියන ඒවා බලනවා
      මගේ search bar එකේ උඩින්ම ඉන්නේ මගේ ආදරණීය blog සමූහය තමයි
      ඔයාල අපේ tension නැති කරනවා
      ඒකට හැමෝටම පිං

      Delete
    3. කුමුදු, වැඩිහිටි වයසේදී තියෙන අනෙත් වගකීම් එක්ක අලුතින් ඉගෙන ගන්න එක අමාරුයි තමයි, ඒත් එක අතකට ඒ තමයි හොඳම කාලේ. කාටවත් ඕන නිසා නෙමෙයි, අපිටම ඕන නිසානේ කරන්නේ. මාත් දෙවෙනි වටේට ඉගෙන ගෙන ඉවරවෙලා තාම වැඩිකල් නැහැ. ඒත් ඒ තීරණය ගැන හරි සතුටුයි. ඔය ටික ඉක්මණින් ගතවෙයි, good luck!

      Delete
    4. osso buco නැහැ කියලා පරිවර්තනයේ කිසිම අඩුවක් නෑ මලී. මට කියන්න ඕනෙ වුනේ ඔහුගෙ ඉල්ලීම් කොයිතරම් specificද කියන එක. දරු ප්‍රසූතිය වුනත් 'වරක් දෙවරක්' කියලනෙ තියෙන්නෙ. කොහොමද ගෑනු ලමයට බබලා හතරක් පහක් ඕනෙ වුනා නම්.

      අවුරුදු තිහක් වයසින් අඩු වුනත් වයිෆ් නැතිවෙච්ච කතාව ජීවිතයේ කොයි තරම් දේවල්
      අපි taken for granted කියලා පෙන්නනවා. ස්වබාව දර්මය දෙන්න පුලුවන් හැම විදිහෙන්ම අපිට පාඩම් කියා දෙනවා.

      Delete
  3. ලේසි පාසු නැති යෝජනාවක් නෙහ් කරල තියෙන්නෙ....

    මටත් තියෙන ප්‍රශ්නයක් බැන්දට පස්සෙ එක්කෙනෙක් කලින් මැරුනොත්, ලොකු ලෙඩක් හැදුනොත් වගේ ඒවා😥😥😥

    ReplyDelete
    Replies
    1. නවීන්- කොහොමත් ඉතින් එහෙම වෙන්න එපාය නේද අනිවාර්යයෙන්? (දෙන්නම එකට මැරුණේ නැත්නම්!)
      ජීවිතේ සමහර දේවල් impossible කියලා හිතාගෙන හිටියාට ඒ වෙලාව ආවාම අපි ඉබේම මූන දෙනවා

      Delete
  4. ඒකත් ඇත්ත...

    අනේ මන්දා හැබැයි😥

    ReplyDelete