August 15, 2022

ආදර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව

අත්හරිනු ලද පෙම්වතුන් සිය ගණනක්
බිඳුණු අත පය, වෙළුම්පටි, කිහිලිකරු සහිතව
පැමිණිල්ලක් කිරීමට නොඉවසිලිමත්ව
මේ ගොඩනැගිල්ලේ රෝස පැහැති මුහුණත ඉදිරිපස
පෙළගැසී ඇත

ඔවුන්, තම තමන්ගේ නම් සහ
මෑත දී අතහැරුණු පෙම්වතුන්ගේ අඩුපාඩු
කුරුටු ගාන ලද කඩදාසි
කෙල ගා මුද්‍රා තබමිනි

මේ පෙම්වතුන් වැඩි දෙනෙක් ගේ
නම් ගම් පවා හොඳින් හඳුනන
මෙහි මුරකරුවෝ
ඔට්ටු අල්ලති
ඔවුන් යළි මෙහි පැමිණෙන දින ගැන

පීඩිතයන් කිහිප දෙනෙක්
මෙහි පසුපස දොරින් පිටවී
කොර ගසමින්,
ලයිලැක් වැටිය අසලින් ඈත යනු පෙනේ

නිරුවත් ප්‍රතිමා දෙකක් ළඟ මඳක් නවතී ඔවුන්
කහ පැහැ කෙස් ඇති ගැහැනිය
කෙස් විදාලමින් අඟර දඟර පාමිනි
ගැඹුරු හඬක් ඇති උස පිරිමියා
මහා හඬින් හිනැහෙමිනි
මඳ වෙලාවක් සල්ලාපයේ යෙදුණු පසු
ඈ ඔහුගේ දෑත අල්ලා
තම අංකය ඔහු අත්ලේ ලියන්නීය
දුර සිට බැලූ බැල්මට නම්
මෙය සාර්ථක වන හැඩයි

ඒත් හරියටම ප්‍රතිශත අනුව බලන්නේ නම්
ලබන අඟහරුවාදා වෙද්දී
ඔවුන් යළිත් මේ පෝලිමට එක්වනු ඇත

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the prose poem 'Department of Love' by David Shumate

Sketch- watercolours on paper




10 comments:

  1. මට ඔයාගේ සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව මතක් වුනා....ඒක ගලක් වගේ මගේ හිතේ තියනවා......මේකත් චිත්‍රයත් අපුරුයි මොන තරම් අපූරු නිර්මාණද?

    ReplyDelete
    Replies
    1. අනේ ♥️ ඇත්තටම සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව වගේ තමයි නේද? ඒක හදිසියේ out of the blue ඉපදුන කතාවක් :)
      මේකත් අමුතු තේමාවක් නිසා රස වැඩියි නේද?

      Delete
  2. අහා සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව? ආන්න නම, මටත් මතක් වුනේ ඒක. 🙏👌

    ReplyDelete
    Replies
    1. Dept. of discarded nails?

      Delete
    2. Pra Jay- ඇණ or නියපොතු? :D

      Delete
    3. නියමයි. ඒකෙ එක අංශයක් මළ කෑ/අබලි අනිත් අංශය ප්‍රතිචක්‍රීකරණය කළ හැකි. මේකට මිනිස්සු තමන්ගේ ඇණ ගෙනත් දෙනවා etc :D

      Delete
  3. මමත් ආවා ඉතින් 'better late than never' කියලා හිතලා. අනිත් අය වගේ මාත් මුලින් හිතුවෙ කලින් කතාවෙ extension එකක් කියලා.

    "නිරුවත් ප්‍රතිමා දෙකක් ළඟ මඳක් නවතී ඔවුන්" ඇයි දන්නෙ නෑ මෙතන නිරුවත් ප්‍රතිමාම ගත්තෙ. යම් විදිහක sexual feel එකක් දෙන්න වෙන්න ඇති.. නැත්නම් මේ සම්බන්දතා mostly physical කියන්නද (which is nothing wrong any way).

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නේ Lotus - මම බැලුවා කෝ කියලා! :)

      කතාවේ extension එකක් කියලා හිතෙනවා තමයි බැලූ බැල්මට නේද? අර Pra Jay ත් කියලා තියෙනවා වගේ එහෙම ෆැන්ටසි කතා නම් ඕන තරම් ලියන්න පුළුවන්!

      කවියේ (කවිය කිව්වට මේක ඡේදයක් ඉතින්) තියෙන්නේ //They pause between two naked statues// කියලා. සමහරවිට සම්බන්ධයක් බිඳුන අලුත තියෙන vulnerability එක පෙන්නන්නද දන්නෙත් නැහැ නේද?

      Delete