October 01, 2020

ඉතින් නැගිටින්නකෝ!

 


ඔන්න දවල් වෙනකම් නිදාගන්න හිතාගෙන ඉන්න දවසක උදේම එක පාරට කණ ළඟින්ම බුරන සද්දයක් නිසා ඇහැරෙනවා. ඇඳේ අනෙත් පැත්තට හැරිලා බලද්දී මෙන්න එතැනම ඇස් දෙකක්! එකසිය ගාණට වැනෙන වලිගයක්! 

"ඉතින් නැගිටින්නකෝ!"

මේ චිත්‍රය ඇන්දේ ජීවිත කාලයක් තිස්සෙම වලිග වනමින් පස්සෙන් ආව, එක එක කාලවල අපි එක්ක හිටිය බලු සුරතලුන් ගැන සොඳුරු මතක අතරේ ගැවසෙමින්.

~ අපේ ගෙදර කෙල්ලෝ තුන්දෙනා පරෙස්සම් කරන එක තමන්ගේ ප්‍රධාන රාජකාරිය කරගත්ත, ඒ කාලේ අපිව බස් වලට ඇරලවන්න ගිහින් වැඩි හොඳට ඒ බස් වලටත් නැග්ග බල්ලෙක්.. 

~'නාවන්න ඕන', 'බාල්දිය', 'දම්වැල ගේන්න' වගේ වචන කටින් පිටවෙන්නත් කළින් අඩි පහක් හයක් උස තාප්පයෙන් පැනලා එක මොහොතින් අතුරුදහන් වුණ, ආයෙත් රෑ වෙනකම් missing වුණ බල්ලෙක්... 

~ vet දොස්තර මහත්තයා බෙහෙත් විදින්න කිට්ටු වෙද්දී දොස්තර මහත්තයාව මතක් වෙන්න තියාගන්න කියලා කමිසේ සාක්කුව ඉරාගත්ත බල්ලෙක්... 

~ තමන් ඇර වෙන කිසිම සතෙක් වත්තේ මායිමට එන්න තහනම් බව තදින් විශ්වාස කළ- පූසෝ, තලගොයි, ඌරු මීයෝ, ලේන්නු එක මොහොතින්, එක හිතින් දඩයම් කළ බල්ලෙක්...

~ එකම පවුලේ උනත් පාටිනුත් ගතිගුණ වලිනුත් අහසට පොළොව වගේ වුණු එකිනෙකා ඇතුවත් බැරි නැතුවත් බැරි වුණු බලු අක්කා- නඟාලා දෙන්නෙක්...

~ ගෙදර කාමර ඇතුලට බල්ලන්ට එන්න තහනම් කියලා දාලා තිබුණු නීතිය, තමන් බඩගාගෙන ආවොත් අහෝසි බව හිතාගෙන හිටිය බල්ලෙක්...

~ බයිසිකල් වල යන කොල්ලෝ සහ රෝද හතරට වැඩි වාහන ගේ ඉස්සරහින් යෑම පේන්න බැරි බල්ලෙක්..

~ වතුර/ලයිට් මීටර් කියවන අයට, ලියුම් කාරයන්ට දාපු පාට් නිසා ඒ අය විසින් අපේ ගෙදර blacklist කරලා අන්තිමේදී Inquiry පවා තියන්න හේතු වුණු බල්ලෙක්.

~ ගෙදර කෙනෙක් ගමනක් යද්දී තමන්ට නොකියා ගියොත් ගෙදර ඇඳ, පුටු, මේස යට පවා ඒ නැති කෙනාව හෙව්ව බල්ලෙක්...

තව මතක සටහන් නම් අනන්තයි... මේ බලු සුරතල්ලු ඔක්කොම යන්නම යන්න ගිහින් දැන් හුඟ කල්. ඒත් මේ මොහොතේත් හිත ඇතුලේ මේ වගේ හිනා වෙමින් වල්ග වනමින් ඉන්නවා!

-digital painting with oil brush

8 comments:

  1. Old Memories !!!
    Those "good old days" Always we had two dogs at a time. Shandy and Teddy, Tutu and Snoopy and several other names. Finally Misha was a common name. The male and female in the last pair were both Mishas. When they were taken to the Vet, the names had to be given for records. I immediately told him one is M. Misha and the other is F. Misha. The Vet was surprised to hear dogs having names with initials for them. I clarified it by explaining That the initial 'M' is for 'Male' and 'F' is for 'Female'. He accepted that with a big laugh!

    ReplyDelete
    Replies
    1. Thaththa, out of all those, I think Tutu is the one who was the most charismatic. He kind of deserves his own biography! :)

      Delete
  2. මොන දෙයක්ද මන්දා, බ්ලොගර් මට ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කරන්න දෙන්නෙ නෑ. අර කලින් කමෙන්ට් එකක වයර් මාරු වුනෙත් ඒකයි.

    අර නාන්න අකමැති එකා, අපේ ගෙදරත් හිටියා. නම බ්ලැකී. වර්ගය - කොමන් පරයා ඩෝග්. නැට්ට කිසි ලකයක් නෑ, රිට වගේ. බත් එකේ කරවල, මාළු කාලා බත් ඉතුරු කරනවා. මං දවසක් කරවල කෑල්ලක් බත් එකේ පතුලට දාලා දුන්නා, මූ මැස්සෙ නැතෑ නත් එකේ පතලක්. නිදා ගෙන ඉන්න කොට " කෝ මේ බ්ලැකියා, නාවන්න ඕනෙ" කිව්වාම "බෑක්" ගාලා උඩ පැනලා දුවලා, අර නැට්ටත් රිට වගේ කෙලින් කරගෙන ගම වටේම රස්තියාදුවෙ ගිහින් එන්නෙ රෑ වෙලා.

    - බස්සා -

    ReplyDelete
    Replies
    1. බස්සාගේ බ්ලැකී වගේ තමයි මේ නාන්න අකමැති හාදයාත්- කොමන් පරයා ඩෝග්!:D ඉස්පිරිතාලයක අගුපිලකින් තාත්තයි මායි උස්සගෙන එද්දී ඇස් ඇරලාවත් නැහැ. පස්සේ මනුස්සයෙකුට වැඩිය මනුස්ස ගති තිබ්බා (ඔය නාන්න අකමැත්ත ඇරුනාම!) කාටවත් සරෙන්ඩර් නෑ.. අවුරුදු දහතුනක ජීවිත කාලයක් තිස්සේ කළේ තමන්ට ඕන දේවල් විතරයි!

      Delete
  3. සමහර මිනිසුන්ටත් වඩා අපට හිතවත් ජාතියක්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ආශ්‍රයේදී යටි අරමුණු නැති නිසා වෙන්නැති

      Delete
  4. නියමයි මේ පරණ කතාවක් වුනත් හිතට වැදුන. දයාරත්න මහත්මය කිව්වා තුන්දෙනා ගැනත් සටහනක් තියනවනේ

    ReplyDelete
    Replies
    1. අජිත් ස්තූතියි!

      මෙන්න related posts කීපයක් :)

      https://hotchocolatedays.blogspot.com/2018/06/blog-post_6.html

      https://hotchocolatedays.blogspot.com/2016/11/sisters.html

      https://hotchocolatedays.blogspot.com/2018/04/blog-post.html

      Delete