July 14, 2019

චිත්‍ර උපදෙස්

දැන් අපිට සීතල කාලේ. පුතාටයි මටයි ඉස්කෝලේ නිවාඩු. මේ ටිකේ සමහර දවස්වල දවල්ට ලස්සනට අව්ව තිබුණත් හවස් වෙද්දී හුළඟ හමලා වහින්න ගන්නවා. හොඳට උණුහුම් වෙලා පොත් කියවන්න කියාපු දවස් ටික.

"අම්මාටයි, තාත්තාටයි, සීයාටයි මම බොන්න hot chocolate හදන්නද?" එහෙම හවස් වරු වල පුතා අහන්නේ ළඟදී ඉගෙන ගත්ත ශිල්පය දක්වන්න ලෑස්ති වෙලා.

"Hot Chocolate කිව්වේ අම්මාගේ බ්ලොග් එක වගේද?" සීයා විහිළුවක් කරනවා.
කොල්ලා බොහොම ආඩම්බරයෙන් දුම් දාන mugs හතරක් අරගෙන එනවා.

"මට හිතයි hot chocolate කෝප්පයක් අඳින්න" මම පුතාට කියනවා. මම බොහොම ප්‍රාථමික විදිහට laptop එකේ Paint වලින් චිත්‍ර අඳිනවාට පුතා කැමති නැහැ. එක එක ජාතියේ චිත්‍ර අඳින apps එයා මට හොයලා දෙනවා හැමදාම. ඒත් මට ඒ එකක්වත් අල්ලන්නේ නැහැ. යල් පැනපු ක්‍රමයම තමයි හරියන්නේ. තෙල් සායම් චිත්‍රයක් අඳින විදිහ ගැන තියෙන උපදෙස් ටිකක් බලාගෙන මම Paint වලින්ම මේ චිත්‍රය අඳිනවා.

"හොඳයි, හොඳයි.. ගොඩාක් මහන්සි වුණු බව පේනවා. අලුත් ක්‍රමයකින් ඇන්දා නම් සෑහෙන්න දුරක් යන්න තිබ්බ කෙනෙක්!" කොල්ලා මේක බලලා මට අවවාදයකුත් දීලා යනවා.



13 comments:

  1. ඒක හරිම ලස්සනයි මලී. මටත් පොඩි හැකියාවක් නම් තියෙනවා. ආසාවත් තියෙනවා. ඒත් වැඩක් ගන්නෙ නැති එකයි ප්‍රශ්ණෙ. ඔයා මෙහෙම පෙන්නුවම මට තවත් ආස හිතුනා.

    ReplyDelete
    Replies
    1. මේක ඉන්ස්පිරේෂන් එකක් කියලා හිතාගෙන ඇඳලා දාන්නකෝ අපිටත් බලන්න :)

      Delete
  2. මාත් ඉස්සර ඇන්දා අලුත් ඇප් වලිනුත් ඇන්දා දැන් වස කම්මැලියා...

    ReplyDelete
    Replies
    1. ඔහොම කම්මැලිකම් නම් ඉතින් මටත් තියේ.. චිත්‍ර අඳින්නේ යලට මහට තමයි. ආයෙත් අඳිමුකෝ බලන්න මොනවා හරි!

      Delete
  3. As good as a Van Gogh !

    ReplyDelete
    Replies
    1. https://www.vangoghgallery.com/painting/

      Delete
    2. Thanks Pra Jay, love to be -but not a chance in a million! btw my son wont be impressed to hear that either- he loves Van Gogh paintings after a lesson about him at school! :)

      Delete
  4. Replies
    1. ස්තූතියි දුමී, කාලෙකින් දැක්කේ!

      Delete
  5. නියම ලියැවිල්ලක් . ඊලග ලිපියත් කියවන්න බලාගෙන ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ, සමහර කාල වලට මොනවා හරි ලියැවෙනවා

      Delete
  6. ඒක හරි ලස්සනයි. පෙයින්ට් වලින් ඇන්දැයි කියලා විශ්වාස කරන්න බැරි තරමටම අපුරුවට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. යාත්‍රා ස්තූතියි, පේන්ට් බොහොම බේසික් උනත් මට නම් අල්ලලා යනවා.

      Delete