'You don’t get to choose if you get hurt in this world, but you do have some say in who hurts you. I like my choices.'-John Green

January 21, 2018

චිබී චිත්‍ර

අපේ ගෙදර ඉන්න පුංචි සිත්තරා කාලෙන් කාලෙට අලුත් චිත්‍ර ක්‍රම හොයාගන්නවා. ඉස්කෝලේ නිවාඩු කාලේ අන්තිම දවස් ටිකම බද්දට ගත්ත අලුත් විනෝදාංශය මොකක්ද කියලා ඔලුව දාලා බැලුවාම තමයි මටත් චිබි චිත්‍ර (Chibi art) ගැන ඉගෙනගන්න ලැබුණේ. ඉතින් චිත්‍ර අඳින්න පුංචි පිස්සුවක් තියෙන තවත් අයට දැනගන්න මේ ගැන ලියන්න මට හිතුණා. 

Chibi කියන්නේ ජපන් බාසාවෙන් 'කොට' එහෙම නැත්නම් 'පුංචි' කියන එකලු. ඉතින් චිබි චිත්‍ර වලින් කරන්නේ අපි සාමාන්‍යයෙන් දන්න කාටූන් චරිත පුංචියට, හුරතලයට chibify කරලා අඳින එක. එහෙම ඇන්දාම දරුණුම කාටූන් චරිතයකට වුණත් අමුතුම ළමා පෙනුමක් එනවා! ඉතින් මේ චිබි චිත්‍ර අඳින්න youtube tutorials තියෙනවා. ඒවා හරිම සරලව කියලාදෙන නිසා පුංචි ළමයෙකුට වුණත් ලේසියෙන් තේරුම්ගන්න පුළුවන්.

Cartooning4kids

How to Draw Chibi  




ඉතින් මේ දවස්වල අපේ ගෙදර චිබි ලා පිරිලා. එක එක ජාතියේ ඇස් ලොකු චිබීලා මට යන යන තැන හම්බවෙනවා. පහුගිය දවසක් දෙකක් ඇතුලත පුතා ඇන්ද චිබී ලා ටික තමයි මේ




මේ චිබි ප්‍රොජෙක්ට් එකට මටත් ආසා හිතුන බව දැකලා පුතා මට චිබි චැලේන්ජ් එකක් කළා. අපි දෙන්නාම එක සැරේ එකම චිබී ව අඳින්න. මේ තමයි අම්මාගෙයි පුතාගෙයි Chibi Hulk. හරිනම් චිබී ලාගේ ඔලු ලොකුවට අඳින්න ඕන වුණත් මගේ චිත්‍රය අඳිද්දී පොඩි autocorrect එකක් වෙලා මම ඉබේම සාමාන්‍ය ප්‍රමාණයට ඇඳලා! පුතා හිනාවෙනවා ඒ නිසා මම පරාදයි කියලා.

 


ඉතින් ඔයගොල්ලොත් චිත්‍ර අඳින්න කැමති පුංචි සිත්තරෙකුට චිබී ලෝකය හඳුන්වලා දෙන්න!




10 comments:

  1. අදමයි ඇහුවේ. මේව ගැන කියවල බලන්න ඕන. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. manga, anime fans ලා අතරේත් ජනප්‍රිය ක්‍රමයක්ලු මේක ඉයන්. manga පොත් නම් මෙහේ teenagersලා අතරේ සෑහෙන්න ප්‍රසිද්ධයි.

      Delete
  2. තෙවිනු පුතා කවදත් හොඳ වැඩ කාරයනේ. 2018 වර්ෂයේ නව නිර්මාණකරු (designer) සම්මානය මගෙන්.
    සීයා.

    ReplyDelete
    Replies
    1. ඔන්න සීයාගේ සම්මානය මුණුබුරාට දුන්නා! :)

      Delete
  3. අපේ නංගිත් කාලයක් ඔය ඔළුව ලොකුවට ඇඟ පුංචියට කාටුන් චිත්රර ඇන්දා. ඒවාට කියන නම එයා දැනන් ඉන්න ඇති. හැබැයි මම අදයි දැන ගත්තේ. චිත්රන ටිකම ලස්සනයි. පුතාට සුබ පැතුම් තව නිර්මාණ කරන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාත්‍රා, අහලා බලන්නකෝ නංගීගෙන්!පුළුවන් නම් එයා ඇඳපු එකකුත් හොයාගන්න අපිටත් බලන්න

      Delete
  4. ෂා, මේක හරි ෂෝක්නේ! සිත්තරාට කියන්ඩ ඕනෙ මේවත් ඉගෙනගන්න කියලා. පැංචාටත් කියලා දෙන්න බැරියැ එතකොට. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්තමී.. මට නම් ආසා හිතුනේ අර ලොකු ඇස් දැකලා! සිත්තරා නම් අඳිවි ලස්සනට. පැංචා දැනටමත් ලස්සන චිත්‍ර අඳිනවා ඇති නේද බිත්තිවල එහෙම?

      Delete
  5. https://www.pinterest.com/pin/502151427175813490/

    ReplyDelete
    Replies
    1. thanks Pra Jay..මමත් චිබීලා ගැන හොයද්දි දැක්කා pinterest වල ගොඩාක් පෝස්ට් තියෙනවා. එක එක ශිල්පියාගේ චිබී ස්ටයිල් එක වෙනස් නේද?

      Delete