January 05, 2018

දෙසියයක්!



      දෙවසරකුත් දෙමසකදී දෙසියයක්ම දේ මෙහි ලියා ඇති බව නෙත ගැටුනේ අහම්බෙනි. ඒ සැතපුම් කනුව පසු වූයේ වසරක් ගෙවී තවත් වසරක් උදා වෙද්දී වීම තවත් අහඹු විශේෂයකි. අලස කම, සිත පුරන් වී යාම හෝ නිස්කලංකයක් නැති කම නිසා මෙහි කිසිවක්ම නොලියූ කාල තිබුණි. ඉදිරියටත් තිබෙනු ඇත. එහෙත් ඒ ඉඩෝරයෙන් මිදී යළි යමක් කුරුටු ගාන්නට හිත ඇතිකරන්නේ ඒවා කියවන්නට මෙහි ඇවිත් යන ඔබ සැම යි. එබැවින් මේ  තුතිය ඔබටයි. මුල සිටම මා ලියන්නට උනන්දු කරවන, ඒවායේ ගුණ දොස් පෙන්වන, ඒවා පුවත්පත්හි  පළ වීමට සුදුසු යැයි මට ඒත්තු ගන්වා පළ කරන, නොලියද්දී දොස් නඟන ළබැඳියන්ටත් මම බොහොමත්ම ණයගැතිමි. ඔබ නොවන්නට මා කිසිවත්ම නොලියන්නට ඉඩ තිබිණි. මගේ ගමන බොහෝ සෙමින්ය. ඒ මඟ ඔබ සැම මා හා එන බව දනිමි. ළඟ උන්නාට තුති! 💜



14 comments:

  1. Congrats for the milestone.

    ReplyDelete
  2. මගේ සුබපැතුම්!!!

    ReplyDelete
  3. Congratulations for your hard work along with official and domestic involvements !!
    මම ගණන් හදලා බැලුවා. දළ වශයෙන් දින 3.65 කට එක බැගින් ලියා තිබෙනවා.
    මගේ ලියන 'රේට්' එක නම් ඊට වඩා හුඟක් අඩුයි. දින 400 කට 'අනන් මනන්' අනූවක් ලියා තිබෙනවා.
    'රේට්' එක දින 4.4 කට එකයි. ඒක සාමාන්‍යයය. ඒ උනාට දින දෙකකට එකක් ලියපු මාසත් තිබුනා.මේ අවුරුද්දේ 'රේට්' එක වැඩි කර ගන්නට ඕනෑ.

    ReplyDelete
    Replies
    1. thanks Thaththa!
      සමහර කාල වලදී translation එකක් වත් කෙරෙන්නේ නැහැ!ඒත් blog එකක් නැති කාලෙට වඩා තියෙන කාලේදී ලියන්න motivation වැඩියි කියලා මට දැනිලා තියෙනවා.

      Delete
  4. දෙසිය එකටම සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කල්‍යාණ!

      Delete
  5. සඳත් බැසයන උදාවනවිට මුහුදෙ කැළඹෙයි දිය රැළී
    රසත් නොඅඩුව ලියන මොහොතෙදි පහන්වෙයි නිති සිතුවිලී
    එදත් ආවෙමි යළිත් එන්නෙමි බලන්නට මෙහි හසරැළී
    හෙටත් දිරිගෙන ලියන්නට තව සුභ පැතුම් දෙන්නෙමි මලී.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද!

      Delete
  6. සුභ පැතුම්... තව ලියන්න...

    ReplyDelete
  7. Congratulations and keep up all the good works!!

    ReplyDelete