'You don’t get to choose if you get hurt in this world, but you do have some say in who hurts you. I like my choices.'-John Green

February 25, 2017

හඳුනමි



සීරුණු පොළොව මතුපිට
වැහි බිඳිති අතුරා යන
ගිම්හානයේ අග ඉම
ඉහිරෙන වැස්ස හඳුනමි
දුර ඈත නිම්නයේ සිට...
මුහු කරන් මුදු පෑ හත
හදවතට විත් නවතින
ඉඳුදුන්න මම හඳුනමි


බොහෝ සිනාසුණු දවසක
නුඹේ හදවත පත්ලත
ළබැඳි උණුසුම් සුසුමක
ජීවිතය යළි හඳුනමි!

photo- Samsung Galaxy tab






No comments:

Post a Comment