නැවතිය හැකිව තිබුණත්
නැවතිය යුතුව තිබුණත්
තව දහස් නැවතුම්වල
මෙතැන සිත නැවතුණු තැන
අහස් නිල එක් බිඳුවක්
අරුණ දිලි රන් පැහැයක්
මිටිකරන් හදවත මැද
රිදුම් ලමි ලුණු හුළඟක
ගෙවා ගව් ගණනක් දුර
වැටී පැටලී සයුරත
මෙතැන මේ වැලි තල මත
නෙතු පියාගමි මොහොතක
Unawatuna beach, Galle- Jan
2017
සොබාදම් ගුණ බව
ReplyDeleteඑකතු කෙරු මියුරුව
සුන්දරයි වෙනද මෙන්
මලී නුඹෙ මේ කව.....
ලංකාවට ආවද මලී?
ජයවේවා!!!
ඔව් දුමින්ද, ගිය අවුරුද්දේ අන්තිම ඇවිත් ගියා
Deleteනියමයි ...
ReplyDeleteස්තුතියි!
Deleteඉපිද මහ සිඳු පතුල,
ReplyDeleteදිවි ගෙවා නිල් රළ අතර,
මට බොහෝසේ වෙහෙසය,
මියෙන්නෙමි මේ වාලුකා තෙර,
සමුදුරක රළ හඬ
Deleteරැව් නැගේ හදවත මැද
සවන ළං කළ විට
ඇසෙනු ඇත මුදු මිමිණුම
නියම ඔරිජිනල් වාලම්පූරි හඳුනාගන්නෙ නම් එහෙමලු. වාලම්පූරිය කණ ලඟට කලාම මූදෙ ගෝසාව ඇහෙනවලු ඇතුලෙං...:)
Deleteඔය හක්ගෙඩි කනට ලං කළාම ඇහෙන්නේ වටපිට සද්දේ හක්ගෙඩියේ හැඩේ නිසා amplify වෙලා එන සද්දෙලු! ඒත් අර මුහුදේ සද්දේ කියන කතාවේ ඊට වැඩිය පොඩි ගතියක් තියෙනවා නේ? :)
Deleteමුණගැසී ඇති දැයි පෙර
ReplyDeleteනිනව්වක් නැති මුත් අද
හමුව මෙය, අවසන් වර
මා දකින, මා ලෙස නුඹ
තබා මම ආවෙමි දුර
ආත්මය සිදු පතුලත
බිඳෙමි මේ වැලි තල මත
නාඳුනන කිසිවෙකු නෙත
අහිමියි මුහුදටත්
Deleteවෙරළතේ රැඳුණු පසු
නොවටියි වෙරළටත්
සමුදුරෙන් මිදුණු පසු
හිස් අතින් නික්ම යන
බොහෝ දිගු ගමන් මඟ
ජීවිතෙන් පාඩමක්
කියාදෙයි කවඩි රැස