'loving you was the most exquisite form of self destruction' - Unknown

February 19, 2017

දුර

නුඹ බොහෝ දුර බව
හිත යට රිදෙන දවසක
හීන් ඉඳිකටු වැස්සක්
ඉහිරුණා කවුළුව පිට
තබා අත්ලත කොපුලට
රිදුම් සනහනු බැරි විට
දෑත පොරවා ලතවෙමි
අඳුරුයි විසල් අහසම!






























photo-  Samsung Galaxy tab

1 comment:

  1. වැටෙන වැහි බිඳු යට
    හීතලක් නැතිවිට
    පැල් බඳින අඳුරට
    අහස් ගැබ නතුවිට
    හිත දැවෙන රිදුමට
    උණුහුමක් හෙව්වට
    නුඹ දුරක සිටිවිට
    සැනසුමක් කෝ මට.....

    ජයවේවා!!!

    ReplyDelete