'Sometimes life has a cruel sense of humour, giving you the thing you always wanted at the worst possible moment.'- Lisa Kleypas

February 10, 2017

නැවතුම




















නැවතිය හැකිව තිබුණත්
නැවතිය යුතුව තිබුණත් 
තව දහස් නැවතුම්වල 
මෙතැන සිත නැවතුණු තැන

අහස් නිල එක් බිඳුවක්
අරුණ දිලි රන් පැහැයක් 
මිටිකරන් හදවත මැද
රිදුම් ලමි ලුණු හුළඟක 

ගෙවා ගව් ගණනක් දුර
වැටී පැටලී සයුරත 
මෙතැන මේ වැලි තල මත 
නෙතු පියාගමි මොහොතක 



Unawatuna beach, Galle- Jan 2017




10 comments:

  1. සොබාදම් ගුණ බව
    එකතු කෙරු මියුරුව
    සුන්දරයි වෙනද මෙන්
    මලී නුඹෙ මේ කව.....

    ලංකාවට ආවද මලී?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමින්ද, ගිය අවුරුද්දේ අන්තිම ඇවිත් ගියා

      Delete
  2. ඉපිද මහ සිඳු පතුල,
    දිවි ගෙවා නිල් රළ අතර,
    මට බොහෝසේ වෙහෙසය,
    මියෙන්නෙමි මේ වාලුකා තෙර,

    ReplyDelete
    Replies
    1. සමුදුරක රළ හඬ
      රැව් නැගේ හදවත මැද
      සවන ළං කළ විට
      ඇසෙනු ඇත මුදු මිමිණුම

      Delete
    2. නියම ඔරිජිනල් වාලම්පූරි හඳුනාගන්නෙ නම් එහෙමලු. වාලම්පූරිය කණ ලඟට කලාම මූදෙ ගෝසාව ඇහෙනවලු ඇතුලෙං...:)

      Delete
    3. ඔය හක්ගෙඩි කනට ලං කළාම ඇහෙන්නේ වටපිට සද්දේ හක්ගෙඩියේ හැඩේ නිසා amplify වෙලා එන සද්දෙලු! ඒත් අර මුහුදේ සද්දේ කියන කතාවේ ඊට වැඩිය පොඩි ගතියක් තියෙනවා නේ? :)

      Delete
  3. මුණගැසී ඇති දැයි පෙර
    නිනව්වක් නැති මුත් අද
    හමුව මෙය, අවසන් වර
    මා දකින, මා ලෙස නුඹ

    තබා මම ආවෙමි දුර
    ආත්මය සිදු පතුලත
    බිඳෙමි මේ වැලි තල මත
    නාඳුනන කිසිවෙකු නෙත

    ReplyDelete
    Replies
    1. අහිමියි මුහුදටත්
      වෙරළතේ රැඳුණු පසු
      නොවටියි වෙරළටත්
      සමුදුරෙන් මිදුණු පසු
      හිස් අතින් නික්ම යන
      බොහෝ දිගු ගමන් මඟ
      ජීවිතෙන් පාඩමක්
      කියාදෙයි කවඩි රැස

      Delete