'Someone I loved once gave me a box full of darkness. It took me years to understand that this too was a gift.'-Mary Oliver

November 11, 2016

on long days

අහසක් තරම් පැහැදුල්
රහසක් තරම් මනකල්
සයුරක් තරම් සුවිසල්
පැතුමක් ව ඉපැදිය හැක

ගිලිහුණු පතක නැම්මක
දිය සිඳි බිමක, පැල්මක
බැස යන සඳක කැල්මක
කවියක් ව ලියැවිය හැක



pic- Story of leaves and flowers by Shihya Kowatari 




2 comments:

  1. උතුරණා පැතුම් පොදියක
    පද ගැලු කවියකින් එක
    බිඳුණු හදවතේ දුක
    පළවා හරින්නට හැක......

    ලස්සන කවියක්. ලස්සන රූපයක් මලී.

    ජයවේවා!!!

    ReplyDelete
  2. කවි හැමදා ලියනු බැරී
    මට නම් තේරෙන්නේ නැතී

    ඉතිරි පද දෙක ගලපන්න දන්නෙත් නැහැ ඉතිං :(

    ReplyDelete