May 15, 2018

ප්‍රේමයේ ආලෝකය


Touched by an Angel | Maya Angelou

“We, unaccustomed to courage
exiles from delight
live coiled in shells of loneliness
until love leaves its high holy temple
and comes into our sight
to liberate us into life.
Love arrives
and in its train come ecstasies
old memories of pleasure
ancient histories of pain.
Yet if we are bold,
love strikes away the chains of fear
from our souls.
We are weaned from our timidity
In the flush of love's light
we dare be brave
And suddenly we see
that love costs all we are
and will ever be.
Yet it is only love
which sets us free.”

දිනමිණ වසත් සුළඟ 08. 05.2018






May 12, 2018

කැඩපතේ පළ වූ 'තෑගි'


කැඩපත- මැයි 2018. පිටු 20-21 

මවුවරුන්ගේ දිනයට කැඩපත සඟරාවේ පළවූ 'තෑගි'. ස්තූතියි කැඩපත!

මුල් ලිපිය- තෑගි

May 08, 2018

විභාගේ තමයි අපේ අභාගේ!

අප මේ වෙද්දී විභාග කීයක් නම් කර ඇත්දැයි මට මෑතකදී නිකමට වගේ සිතුනි. පාසැලේ මාසික පරීක්ෂණ, වාර විභාග, උසස් අධ්‍යාපන ආයතනවල විභාග, රැකියා සඳහා තෝරාගැනෙන විභාග ආදී එකී නොකී විභාග අටෝරාසියක්  මේ වෙද්දී අප පසුපස පැමිණ ඇත. සමත්- අසමත් තෝරන විභාග ආදියෙන් අසමත් වී, ලෝකයම එපා වී උන් යුග පසු කර පැමිණි අපි අදටත් යහතින් පසුවෙන අය වෙමු.  විභාග සඳහා අප ගාථා, චක්කර, සූත්‍ර කටපාඩම් කළ තරමට කිසිදෙයක් කටපාඩම් නොකරන අපේ දරුවන් දැක සියුම් ඉරිසියාවකින් පසුවන්නෝ වෙමු.

මට මේ කල්පනා පහළ වූයේ විභාගයක සමීක්ෂණ රාජකාරියක් අහම්බෙන් හිස මතට කඩා වැටුණු නිසා ය.  මතක ඇති කාලයක සිට විභාග ලියා ඇතුවා මිස මෙවැනි බලධාරී රාජකාරියක් කර නැති මට මේ හෙණය කඩා පාත් වූයේ කාර්යය භාර ගුරුවරියට හදිසි අවශ්‍යතාවයකට යන්නට වූ නිසා ය. පන්තියේ උන්නේ උසස් පෙළ සිසු සිසුවියන් නිසාත්, කාලය පැය දෙකක් තරම් නිසාත්, වැඩියත්ම වෙනත් විකල්පයක් නොතිබුණු නිසාත් අකමැත්තෙන් වුව මම ඒ වගකීම භාර ගත්තෙමි. අදාළ නීති රීති ආදිය දැනුම් දී ප්‍රශ්න පත්‍ර බෙදා දුන් පසු ළමුන් දෙස පැය දෙකක් පුරාවට බලා සිටිනු හැර මට අන් කළ හැකි දෙයක් නොවිණි. රචනා ප්‍රශ්න තුනකින් එකක් තෝරා ලිවීම එහි නියමිත කාර්යය විය.   පන්තියේ උන් පිරිමි ළමුන් කිහිප දෙනෙක් ඈනුම් අරිමින්, හිස් කසමින්, වටපිට බලමින් පසුවූ අතර මගෙන් රැවුමක් ලද පසු මහත් කම්මැලිකමින් පිළිතුරු ලියන්නට විය. එක් දැරිවියක් නම් ප්‍රශ්න පත්‍රය අතට ලැබුණු සැණෙන්, ප්‍රශ්න පෙළ කියවන්නට තත්පර කාලක්වත් වැය නොකර එක සීරුවට පිළිතුරු ලියන්නට විය. විභාගය පිළිබඳව ගැහැණු ළමුන්ගේ සහ පිරිමි ළමුන්ගේ උද්යෝග මට්ටම් අහසට පොලොව මෙන් වෙනස් බව සිතමින් මගේ සමීක්ෂණ කටයුතු ඇරඹුවෙමි . මෙසේ කාලය මරන්නට සිදු වූ අන් වේලාවලදී මෙන් ජංගම දුරකථනය දිගහැරගෙන අන්තර්ජාලයේ සැරිසරන්නට හෝ පොතක පිටු අතර අතරමං වන්නට මේ රාජකාරියේ ස්වභාවය නිසා අවස්ථාවක් මට නොවීය. ඉතින්, තද කම්මැලිකමකින් 'උඩ බලාගෙන' හිඳිනා අතරතුර මට මගේ පරණ විභාග වගතුග සිහිවිය.


මා උගත් කණිටු විදුහලෙන් මධ්‍ය මහා විදුහලට ඇතුළත් වීම සඳහා පැවැත්වුණු විභාගයට මා මුහුණ දුන්නේ ලංකාවට විත් වසරක් පමණ ගත වූ තැන ය. පහ වසරේදී ලංකාවේ පදිංචියට ආ මට ටික කලක් ගතවන තුරු සිංහල භාෂාවෙන් ලිවීමේ කටයුතු ගැටළු සහගත විය. ගෙදරදී කළ අභ්‍යාස නිසා කතා කිරීමත් කියවීමත් හොඳ මට්ටමක තිබුණු නමුත් ලිවීමේ දී දුෂ්කරතා ගෙන දුන්නේ උපමා- උපමේය, රූපක ආදී භාෂා භාවිතය ඇසුරෙන් ඉගෙනගන්නා දේ ය. ජීවිතයේ පළමු වරට මා විභාගයක් නිසා අසරණ වූයේ මේ ඇතුළත් වීමේ විභාග ප්‍රශ්න පත්‍රයේ යුගල පද හා රූඪි සම්පූර්ණ කිරීම සඳහා තිබුණු කොටසේදී ය. 'තක්කු- ____' 'කුළියක්- _____' ආදී වශයෙන් තිබුණු හිස් තැන් පිරවීම් දැක මා සැබවින්ම තක්කු මුක්කු විය. ඒ යෙදුම් හාවිත වනු මා ඒ වෙද්දී කිසි දිනෙක අසා තිබුණේ නැත! වෙන කළ හැකි දෙයක් නොවුණු තැන, පළමු වචනයේ තාලයට ගැලපෙන තාලයක් ඇති වචන අනුමාන කර ලියූ ඒ කොටසට නම් මට ලකුණු ලැබෙන්නට ඇත්තේ අවමයෙනි. මා 'නිර්මාණය කළ' යුගල පද දැක ඒ උත්තර පත්‍ර පරීක්ෂා කළ ගුරුවරුන් මහත් විනෝදයක් ලබන්නට ඇත. එහෙත් වාසනාවකට ඒ විභාගය යන්තම් සමත් වන්නට මා සෙසු ප්‍රශ්න වලට ලබාගත් ලකුණු ප්‍රමාණවත් වී තිබුණි.

පාසැල් කාලයේදී අපට මාසික පරීක්ෂණ එපා ම කළ දෙයක් විය. විෂයන් හත අටකට මාසික පරීක්ෂණ ලැබෙන විට ඒ සඳහා මාසයෙන් වැඩි කොටසක් ගත වී තිබුණි.  මා පසු කාලීනව උගත් බාලිකාවේදී අපට බුද්ධාගම ඉගැන්වූ ගුරුතුමියගේ මාසික පරීක්ෂණ වලින් නම් ගැලවිය හැකි මඟක් අපි සොයාගෙන සිටියෙමු.
"ළමයි ලෑස්ති වෙන්න මාසික පරීක්ෂණයට!" යැයි ගුරුතුමිය කී විට- "අද නෙමෙයි මිස් කිව්වේ ලබන සතියේ කියලානේ!' යැයි එක හඬින් කියන්නට අපි පුරුදු වී සිටියෙමු. වැඩකටයුතු වල පිළිවෙලත් සිහි කල්පනාවත් බොහෝ දුර්වල මේ ගුරුතුමිය 'ආ ඇත්තද? එහෙනම් ලබන සතියෙම කරමු!" යැයි කියා මාසික පරීක්ෂණය කල් දාන්නීය. නැවත ඊළඟ සතියේත් මේ ජවනිකාව ම රඟ දැක්වේ. මෙලෙස එක් මාසයක මාසික පරීක්ෂණයක් ඊළඟ මාසය දක්වා ඇද ගැනීම මහත් හපන්කමක් ලෙස අපි එකල සැලකුවෙමු. වාර විභාගවල තත්ත්වය මීට වඩා වෙනස් වූයේ ඒවායේ දින වකවානු අපගේ ඇඟිලි ගැහිලි වලින් පිටස්තර වූ නිසා ය. වාර විභාග සඳහා ඩෙස්ක් පේළි ඈත් කළ විට පන්ති නාමාවලියේ අග භාගයේ උන් ළමුන් බොහෝ විට වැටෙන්නේ කොරිඩෝවට ය. එකල 'W' අකුරෙන් යුත් වාසගමක් තිබුණු මා විභාග කාලයට කොරිඩෝවේ හිරිකඩට පින්නට හසුවන ස්ථිර පදිංචිකාරියක් විය. මීට අමතරව අසල්වැසි පන්ති දෙකක ගුරුවරියන් විභාගය සමීක්ෂණය කරන මුවාවෙන් කොරිඩෝවට වී ඕපාදූප හුවමාරු කරගන්නා විට ඊට නොමිලේම සවන් දෙන්නට අවස්ථාව 'කොරිඩෝවේ අපිට' ලැබිණි.

photo-Pixabay
උසස් පෙළ පන්තිවලදී අප ඉඳහිට වාර විභාග වලදී කොපි කරන්නට ගත්තේ වඩාත්ම එය චන්ඩිකමක් ලෙස සැලකුණු බැවිනි. ඩෙස්කුවේ කෙලවරින් උත්තර පත්‍රය එල්ලා වැටෙන්නට සලස්වා අසල්වැසියාට කොපි කරගන්නට ඉඩ දීම, බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු අංක ගුරුවරියන්ට රහසින් ඇඟිලි ඇසුරෙන් විදහා දැක්වීම මෙලෙස අප කළ සිඟිති චන්ඩිකම් ය. එහෙත් ඒවා රජයේ විභාග දක්වා වර්ධනය කරගන්නට නම් අපි බියගුළු වූයෙමු. උසස්පෙළ තර්ක ශාස්ත්‍රය විෂය මට එකල ඉතා හොඳට පත්තියම් වී තිබිණි. (දැන් නම් ඒ කිසිම දෙයක් මතක නැති බව වෙනම කරුණකි!) මේ නිසා පංතියේ මිතුරියන්ට පාඩම් කොටස් පැහැදිලි කර දීමට මා ඉදිරිපත් වූයේ බලෙනි. වරක් වාර විභාගයක් ආසන්න කාලයකදී මම තර්ක ශාස්ත්‍රයේ 'කිඹුල් උභතෝකෝටිකය' නම් සංකල්පය කළු ලෑල්ලේ සටහන් අඳිමින්, ඉතා වෙහෙසවී මිතුරියන්ට පැහැදිලි කළෙමි.  ඒ වාරයේ වාර විභාගය සඳහා කිඹුල් උභතෝකෝටිකය 'ගෙඩිය පිටින්ම' ඇතුළත් වී තිබුණි. ප්‍රශ්න පත්‍රය අවසාන වූ පසු මා එක පිම්මේ ගොස් 'කිඹුල් ප්‍රශ්නේට ලිව්වාද.. ලිව්වාද?' යැයි මගේ මිතුරියන්ගෙන්  ඇසුවේ මගේ මහන්සියේ ප්‍රතිපල දැනගැනීමේ රිසියෙනි. 'ආ..ඒක උඹ කියලා දුන්නා මතක තිබ්බාට උත්තරේ මතක තිබ්බේ නැහැ බං.. ඒනිසා ඒ ප්‍රශ්නේ අතෑරියා!' යැයි ඔවුන් ගණනක් වත් නොමැතිව පැවසුවේ මගේ ඉගැන්වීමේ හැකියාව ගැන මට ඇතිවී තිබුණු ආඩම්බරය සුණු විසුණු කරමිනි.

උසස් පෙළ අවසන් ව විශ්ව විද්‍යාල අධ්‍යයනය ඇරඹෙන තෙක් ගතවූ කාලයේදී මා වරලත් ගණකාධිකරණ පාඨමාලාවක් හදාරන්නට ගත්තේ ඇයිදැයි මා හට අදටත් පැහැදිලි නැත. ඒ වෙද්දී ගණකාධිකරණය විෂය මට මහත් අප්‍රසන්න විෂයක් වී තිබුණි. උසස් පෙළ සඳහා අනිවාර්ය විෂයක් ලෙස පැවති එයින් මා සමත් වූවත් ඒ ගැන මගේ තිබූ නොමනාපය වෙනස් වූයේ නැත. එසේ තිබියදීත් ගණකාධිකරණ පාඨමාලාවක් හදාරන්නට මා යොමුවන්නට ඇත්තේ එය 'නිකම් ගෙදර ඉන්න එකේ' කළ යුතු දෙයක් ලෙස පොදු මතයක් පැවති නිසා විය යුතු ය. මෙම පාඨමාලාවේ පළමු සහ දෙවෙනි අදියර දෙක වැඩි මහන්සියක් නොවී සමත්වන්නට මට හැකි විය. එහෙත් තෙවෙනි අදියර සඳහා පන්ති පැවැත්වෙන කාලය වෙද්දී විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතුද ඇරඹී තිබිණි. සතියේ දින පහක් බෝඩිමේ ගත කර සති අන්තයේ දින දෙක ගෙදර නොගොස් 'චාටඩ් පන්ති' යන්නට සිදුවූ විට මට සසර කලකිරුණි. අකමැත්තෙන් ඉගෙනගත් නිසාදෝ කොහේදෝ ඒ අදියරේ ඉගැන්වූ කිසිම දෙයක් මගේ සිතේ රැඳුනේ නැත. විභාගය සමත් වන්නට අවශ්‍ය විෂය කරුණු කිසිවක් නොදැන මා ඒ විභාගය ලියන්නට ඇත්තේ කිසියම් ප්‍රතිහාර්යක් බලාපොරොත්තුවෙන් විය යුතු බව මට දැන් සිතේ. මෙහි ප්‍රතිපල ලැබුණේ මා බෝඩිමේ සිටි දිනක ය. මා ඉහලින්ම අසමත් වී තිබිණි. එය මා එක්තරා ආකාරයකට බලාපොරොත්තු වී උන් ප්‍රතිපලයක් වූවත් එය අසා මා හට දැනුණු කම්පනය මා බලාපොරොත්තු වූයේ නැත. ඒ කම්පනය දැනුණේ මා ජීවිතයේ පළමු වරට විභාගයක් අසමත් වීම නිසා විය යුතු ය. දින දෙක තුනක් විශ්ව විද්‍යාලයේ දේශන වලට යෑමෙන් වැළකුණු මා ඒ සම්පූර්ණ කාලයම බෝඩිමේ ඇඳට වී ගතකළ හැටි මට පැහැදිලිව මතක ය. මට දැනුණු හිතම හිස් වී ගිය බව එක්තරා ආකාරයක මානසික අවපාතයක ලක්ෂණයක් බව එදා මා දැන සිටියේ නැත. එය 'not the end of the world' වර්ගයේ සිදුවීමක් බව මට එකල නොවැටහුණේ ඇයිදැයි මට දැන් ඒ ගැන කල්පනා කරද්දී සිතාගත නොහැක. ඒ සිදුවීම මගේ තාර්කික සිතුවිලි අවුල් කළා සේ විය. මා ඒ අඳුරු තැනින් ගොඩ ආවේ, නොඑසේ නම් මා ඉන් ගොඩට ඇදගනු ලැබුවේ මගේ බෝඩිමේ මිතුරියන් විසිනි. ඒ විභාග ප්‍රතිපලයෙන් මගේ ජීවිතයේ කිසිම වැදගත් දෙයක් තීරණය නොවෙන බව පැහැදිලි කර දෙන්නටත්, ඒ බව මට ආදරයෙන්, යාප්පුවෙන් සහ 'තගෙන්' ඒත්තු ගන්වන්නට ඔවුහු සමත් වූහ.  කෙසේ නමුත් ඒ අප්‍රසන්න අත්දැකීමත් සමඟ මම  වරලත් ගණකාධිකරණය හැදෑරීමට නැවතීමේ තිත තැබූ අතර එය එදා මෙදා තුර මා ගත් ඉතා වැඩදායී තීරණයන්ගෙන් එකකි. විශ්ව විද්‍යාලයේ වසර හතරේදී ඇතිතරම් විභාග ලියා, උපාධිය ලබාගන්නා දින  'නැවත නම් කිසිම දවසක විභාගයක් නොකරමි' යැයි මා තරයේ ඉටා ගත්තේ ඒ වෙද්දී දිවා රෑ පාඩම් කිරීමෙන් හෙම්බත් ව උන් නිසා ය. එහෙත් එවැනි අධිෂ්ඨානවලට වැඩි ආයු නොමැති බව පෙන්වා දෙමින් ඉන් වසර පහලවක් ගතවූ පසුත් මා තව තව විභාග වලට පිළිතුරු දෙමින් පසුවුනෙමි!

මෙසේ මා අතීත සවාරියක් ගොස් එන තුරුත් මගේ විභාග සමීක්ෂණ රාජකාරිය හමාර වී තිබුණේ නැත. එක පිරිමි ළමයෙකු පිළිතුරු ලිවීම අහවර වී මේසයට හිස තබාගෙන තද නින්දේ සිටියේය. තව එකෙක් හිස් කඩදාසි නවමින් අහස්යානා තනමින් උන්නේ ය. එහෙත් පෙර කී දැරිය මගෙන් තව තවත් කඩදාසි ඉල්ලා ගනිමින් එක සීරුවට, පැහැදිලි රවුම් අකුරෙන් පිටු පුරවමින් සිටියා ය. ඇය තදබල 'බ්‍රයිට් කේස්' එකක් විය යුතු යැයි අනුමාන කළ මම ප්‍රශ්න පත්‍ර එකතු කරගත් පසු ඇගේ රචනාව කියවා බලන්නට ඉටා ගත්තෙමි. පැය දෙක අවසාන වූ විට, මට පිළිතුරු පත්‍ර දුන් පමාවෙන්, කූඩු කරගෙන සිටි සතුන් මෙන් නොඉවසිල්ලෙන් පන්තියම අතුරුදන් විය. නිවිසැනසිල්ලේ පිළිතුරු පත්‍ර ගොනු කරන අතරතුරේදී ඒවා උඩින් පල්ලෙන් කියවා බලන්නට මා අමතක කළේ නැත. මා පුදුමයට පත් කරමින්, කම්මැලිකමින් වචන කපමින් කොටමින් ලියූ පිරිමි ළමුන් සාර්ථක රචනා ලියා තිබුණි. සුළු ව්‍යාකරණ අඩුපාඩු හැරෙන්නට ඒවායේ කිව හැකි වරදක් නොවිණි. එහෙත් 'බ්‍රයිට්' දැරියගේ රචනය තනිකරම අච්චාරුවක් විය! ඇය ජේද බෙදා පැහැදිලි අකුරෙන් ලියා තිබුණේ මැක්කාගේ කතාවේ අලුත්ම වර්ෂන් එකකි. දී තිබුණු මාතෘකා තුනටම කිසිම අදාළ බවක් නොමැති මහා අන්ඩර දෙමළයක් ඇයගේ  පිළිතුරු පත්‍රයේ තිබිණි. ව්‍යාකරණ පමණක් නොව ඇගේ ලස්සන අකුරින් ලියූ වදන් වල අක්ෂර වින්‍යාසය ද ඉතා දුර්වල මට්ටමක පැවතිණි.  පිළිතුරු ලියන්නට ඈ පෙන්වූ උද්යෝගය පමණක් දකිමින් මා ඈ ඔසවා තබා තිබුණු ඉහල තැන ගැන මටම ලැජ්ජාවක් ඇතිවිය.

අප ද පෙර කලෙක විභාග වලදී ඇතැම් විට මේ ලෙසම මහත් උනන්දුවෙන් තනිකර අපබ්‍රංස ලියන්නට ඇති බවත්, ඇතැම් විට ආත්ම විස්වාසයක් රහිතව කුසීත කමින් සාර්ථක පිළිතුරු ලියන්නට ඇති බවත් සිතී මටම සිනා පහල විය.




May 02, 2018

ලියන්න උගෙනිමින්



Learning to Write | Gary Catalano


At sixty-five my grandfather
is learning to write his name
one hand flat
on the oilcloth covered table-
the other grappling


with a pen, guiding it
slowly over the paper.
He checks each
uncertain curve and stroke
against his master copy


The only fine work
his fingers know
is thinning young lettuces
with a bent flange
of tin or neatly


extricating ripe cues
from their imprisoning web
To this kind of work
he's a stranger. As I
monitor his progress


I run the blunt edge of a knife
over the cloth
and watch the marks
bite,
deepen


then vanish. His only hope
is that those painful signs
will be recognised as his
by all who can read.
When he's finished


he leans back
and admires the miracle,
pleased to see a new
late shoot
emerging from its seed


දිනමිණ වසත් සුළඟ 02.05.2018