June 24, 2026

තරු දරුවාට

මිහිතලයේ සංචාරය කිරීමට නම්
ඔබ මිනිස් දරුවකු ලෙස ඉපදිය යුතුය

මුලදී ඔබගේ අලුත් සිරුර හැසිරවීමට,
අත පය සෙලවීමට,
උඩුකුරුව සිටගැනීමට
ඔබ උගත යුතු වෙයි

දිවීමටත්, දෑත උපයෝගී කරගැනීමටත්
ශබ්ද නැගීමටත්, වචන කීමටත්
ක්‍රම ක්‍රමයෙන්
තමන් ව රැක බලා ගැනීමටත්
ඔබ උගනීවී

මිහිතලයේ කාලය නම් නදියේ ඔබ ගිල්වෙනු ඇත

සොම්නසත්, බියත්,
ප්‍රීතියත්, කලකිරීමත්,
ශෝකයත්, ආශ්චර්යයත්
ආදී බොහෝ දේ
ඔබට ඉගෙනීමටත්, දැනීමටත් ලැබේවි

එහිදී දැනෙන
ප්‍රමෝදයත් වියවුලත් මැද
ඔබ ආවේ කොතැනක සිටදැයි
ඔබට අමතක වනු ඇත

ඔබ වැඩුණු පසු
සංචාරයේත්, රැකියාවේත් නියැලේවි
ඇතැම්විට ඔබ දරුවන්ද, මුණුපුරන්ද ලබාවි

කාලය ගතවෙද්දී
ඔබ ගතකරන
මේ නිරතුරුවම වෙනස් වන ජීවිතයේ
ප්‍රීතිමත්බව, ශෝකීබව, පිරුණුබව, හිස්බව
තේරුම් ගන්නට ඔබ තැත් දරනු ඇත

අන්තිමේදී
ඔබේ තරුව වෙත
ආපිට එන්නට කාලය එළඹුණු විට
ඒ අමුතු සුන්දර ලෝකයට සමුදීමට
ඔබට දුෂ්කර වීමට ඉඩ තිබේ

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
From the picture book 'Star Child' by Claire A. Nivola


Digital art



5 comments:

  1. තරු එළියක් වාගෙ කවක්!

    ReplyDelete
    Replies
    1. හරි ලස්සනයි නේ වර්ෂා? :)
      මම ආසම කොටස
      //එහිදී දැනෙන
      ප්‍රමෝදයත් වියවුලත් මැද
      ඔබ ආවේ කොතැනක සිටදැයි
      ඔබට අමතක වනු ඇත//

      Delete
  2. පිටසක්වලයෙක් ලියපු කවියක්.🤔

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම් බස්සා මේක ළමා පොතක්. ලෝක දෙක සසඳන තව කෑලි තියෙනවා මගේ හිතේ

      Delete
  3. හරිම රසට, අලංකාරව කල පරිවර්තනයක්.
    හිස් අතින් ඇවිත් යම් දවසක සමුදෙන්න බැරි තරමට බැඳෙන ලෝකයක කතාව අගේය.

    ReplyDelete