March 29, 2026

ආයුබෝවන් නරියෝ



ගසක සෙවනක
තුටින් වැතිර සිටියා ඌ

“කොහොමද නරියෝ?’ මා කීවා
පැන නොගොස්, මා දෙස බලා
“ආයුබෝවන් ඔබටත්” නරියා පිළිතුරු දුන්නා

“මගෙන් මිදී දිව යන්නේ නැද්ද?” මා ඇසුවා

“ඔබ අප ගැන කතාබහ කරන දේ මට ආරංචියි
ඔබ දන්නවා වෙන්න පුළුවන්
නොදන්නවා වෙන්නත් පුළුවන්
නරි අතර පවා ඒ පුවත් පැතිරෙනවා”

“මගේ මොන කතාබහ ද?”

“ඔබට එක්තරා කාන්තාවක් කීවාලු
නරි දඩයම නරින්ට යහපතක් ගෙන එන බව,
‘කොයි නරියාටද?’ කියා ඔබ ඇයගෙන් ඇසුවාලු”
ඔව් මට මතකයි, ඈ ඉන් කෝප වුණා

“ඉතින් මගේ පොතේ හැටියට, ඔබ හොඳ කෙනෙක්”

“ඔබේ පොත!
ඔබ උන්නේ මගේ පොතක,
ඒක තමයි අප අතර වෙනස”

“ඔව්, මම එකඟයි,
ඔබ බුහුටි වදනින් ජීවිතය ගැන කරදර වෙමින්,
ජීවිතයේ අරුත සොයමින්..
අප නම් ජීවත්වෙනවා පමණයි”

ආ!

“කාටවත් ජීවිතේ අවසන් තේරුම වටහා ගන්නට පුළුවන් ද?
ඉතින් උත්සාහ කරමින් මහන්සි වන්නේ ඇයි?
ඔබ කරදර වෙමින්, අප ජීවත් වෙමින්”

මෙසේ කියා,
වයෝවෘද්ධ බව නිසා
ඉතා සෙමෙන් නැගිටගත් ඌ
යන්නට ගියේය

Translation of the poem 'Goodbye Fox' by Mary Oliver
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Image - hand drawn fox, digitally enhanced

7 comments:

  1. https://www.youtube.com/shorts/VlhLEhJEWpE

    ReplyDelete
    Replies
    1. බස්සා - This is so me! 😄
      වෙලාවක ජලභීතිකාව හදාගන්නවා මමත් මේ ආකාරයටම අදාළ නැති සත්තු අතගාන්න ගිහින්

      The fox's surprise is priceless too!

      Delete
    2. DGMB, although a bird, is very very close to (in fact, almost indistinguishable from) a fox.

      Delete
    3. හොක්කි, හොක්කි හූ........ඌ 🤣😋

      Delete
    4. Pra- True story- as evident from the reply :D

      Delete
  2. කියවගෙන යද්දී මම හිතුවෙම මේක මලී ලියන්න ඇති කියල. තුන්කාලක් විතර කියවද්දී Mary Oliver ගේ වෙන්නත් පුළුවන් කියල හිතුනේ. මලිත් ඒ තරම්ම නරින්ට කැමති නිසයි එහෙම හිතුනෙ

    ReplyDelete
    Replies
    1. කුමුදු- birds of a feather කියන්නේ මේවට තමයි :D
      මට නරියෙක් හම්බවෙලා නැහැ ඇත්තට, මං මෙච්චර කැමති වුණත්. හම්බවුණ දවසට අර බස්සා දාලා තියෙන වීඩියෝවේ වගේ තමයි වෙන්නේ.

      Delete