August 20, 2025

ප්‍රේමය ගැන කියන දේ




“ප්‍රේමය සම්බන්ධ කාරණා වලදී 
මම නම් ඉතා ප්‍රවේසම් වෙමි,
නැණවත් ව කටයුතු කරමි,
කල්පනාවෙන් තෝරාගනිමි”

මෙසේ කියන්නන් නොව

තමන් කිසිදු තෝරාගැනීමක් නොකළත්
අදෘශ්‍යමාන
බලගතු
කිසිවෙකුට නතු නැති
සුන්දර
නොගැලපෙන බලයකින්
තමන් ව තෝරාගනු ලද අය පමණක්

ප්‍රේමය ගැන මා කියන දෑ
තේරුම් ගනු ඇත

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Not anyone who says' by Mary Oliver

Digital art

7 comments:

  1. ප්‍රේමයට කා ළඟවත් ඉඩක් නැති බවද පෙනී යන්නේ?

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය planned විදිහට අත් විඳපු අයට නම් ප්‍රේමය ගැන මගේ මතය තේරෙන එකක් නැහැ කියලා :D
      (හැබැයි මගේ මතය මොකක්ද කියලා නම් කියලා නැහැ)

      Delete
  2. "අදෘශ්‍යමාන
    බලගතු
    කිසිවෙකුට නතු නැති
    සුන්දර
    නොගැලපෙන බලයකින්
    තමන් ව තෝරාගනු ලද අය පමණක්.."

    ඒ කොටස හරිම ලස්සන අදහසක්. මම තේරුම් ගත්තෙ ඒ self- love කියලයි, i.e. choose yourself.

    "...chosen by something invisible and powerful and uncontrollable and beautiful and possibly even unsuitable..." ඒ ටික මලී පරිවර්තනය කරලා තියෙන විදිහ ටොප් ක්ලාස්. ඔරිජිනල් version එක විතරක් කියෙව්වනම් මට මෙලෝ හසරක් තේරුම් ගන්න බැරිවෙයි 😍

    ReplyDelete
    Replies
    1. //මම තේරුම් ගත්තෙ ඒ self- love කියලයි// Lotus එහෙම කිව්වාම මටත් හිතෙන්න ගත්තා මගේ version එක වැරදිද කියලා :D
      සාමාන්‍යයෙන් Mary Oliver ගේ කවි බොහොම සරලයි. හැංගුන තේරුම් නැහැ. අපි දේවල් overcomplicate කරගන්නවද මන්දා ඒවා තේරුම් ගන්න ගිහින්!

      Delete
    2. මලී තේරුම් ගත්ත විදිහ හරි. මම කමෙන්ට්ස් දාන්නෙ බාගෙට. I thought that the phrase "තමන් ව තෝරාගනු ලද අය පමණක්" means chosen by self, and, therefore, implies self-love.
      I think I misread "තමන් ව තෝරාගනු ලද අය" and interpreted it as "තමන් විසින් තමන්ව තෝරාගනු ලද අය". I think you used the word "තමන් ව" as in the 'subjects' being chosen.

      (anyway, මලී කියලා තියෙනවා වගේ මේක කම්ප්ලිකේටඩ් කරන්නෙ නැතුව මම මෙතනින් මාරු වෙන්නම්. 🤣🤣).

      Delete
  3. ඔයාගේ තවත් හොද පරිවර්ථනයක්
    මාත් ප්‍රේමය ගැන එකක් ලියල පලකලා විතරයි

    ReplyDelete
    Replies
    1. Thank you Mr.Lemon.
      ලිපිය කියවලා ආවා. වැදගත් විශ්ලේෂණයක්

      Delete