මගේ ඩිජිටල් චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න කියලා ගිය අවුරුද්දේ යෝජනා කළේ මගේ බ්ලොග් මිතුරු මිතුරියෝ තමයි. ඒ නිසා මම ඒ වෙද්දී ඇඳලා තිබුණු චිත්‍ර එකතු කරලා වීඩියෝ එකක් දැම්මා. මේ අවුරුද්දෙත් තව වීඩියෝ එකක් දාන්න හිතුණේ ඊටපස්සේ ඇන්ද චිත්‍ර සෑහෙන්න තියෙන බව තේරුණු නිසා. මෙතැන චිත්‍ර 52ක් තියෙනවා. ගණන් හදලා බැලුවාම මම සතියට එක චිත්‍රයක් විතර ඇඳලා කියලා තේරුණේ තව මීට ඇතුළත් නොකළ ඩිජිටල් චිත්‍ර ටිකකුත් තියෙන නිසා! අතින් අඳින චිත්‍ර නම් sketch books පිරෙද්දී තියෙන ගාණ තේරුණත් ඩිජිටල් චිත්‍ර ටික මෙහෙම එක තැනකට එකතු කරනකම් මේ තරම් තියෙයි කියලා හිතුණේ නැහැ.
මෙහෙම චිත්‍ර අඳින්න වෙලාව කොයින්ද කියන එක මට නිතර අහන්න ලැබෙන ප්‍රශ්නයක්. බහුතරයක් ඩිජිටල් චිත්‍ර මම හරි ඉක්මණින් අඳිනවා. (සියුම් වැඩ කිඩ නැති ඒවා) මම සමහර චිත්‍ර අඳින්නේ තව දෙයක් කරන ගමන්. ඒ කියන්නේ audio book එකක් අහද්දී, නැත්නම් කෝල් එකක් අතරතුර. මට ඒ වැඩ දෙකම පටලවා ගන්නේ නැතිව එක සැරේ කරගන්න පුළුවන්. ඉස්සර ස්ටයිලස් එකෙන් ඇන්දාට ඒ කම්පියුටරේ ඇණ හිටි නිසා මේවා නම් ඔක්කොම වගේ mouse හෝ touch pad එකෙන් ඇන්ද ඒවා.
මම ඩිජිටල් චිත්‍ර ඇඳීම ගැන කිසිම හැදෑරීමක් කරලා නැති බවත්, තනිකරම self taught බවත්, හරියට අඳින්න පටන් අරන් තාම අවුරුද්දක් දෙකක් වගේ බවත් මේ එක්කම කියන්න ඕන. පොදුවේ කොයි මාධ්‍යයෙන් චිත්‍ර ඇන්දත් ඒක මට බොහොමත්ම හිත නිවන වැඩක්. මම ලියන, පරිවර්තනය කරන දේවල් ලස්සන කරන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන් වීම බෝනස් එකක්.
ඉතින් මේ අවුරුද්දේ මගේ ඩිජිටල් චිත්‍ර ප්‍රදර්ශනය රස විඳින ගමන් තමන් කැමතිම චිත්‍ර ගැන කියන්න කියලා මගේ ෆෑන්ස්ලාට ආරාධනා කරනවා!
නියමයි. ස්තූතියි.👌💐
ReplyDeleteමේ සමහර අපූරු චිත්‍ර දිහා කැමති වෙලාවක් බලාගෙන රසවිඳින්න , ඔන්ලයින් සලයිඩ් ෂෝ එකක් වගේ ක්‍රමයක් තියනවද හෙව්වා. ඒත් හරිම ක්‍රමයක් ලැබුනෙ නෑ. ගූගල් ස්ලයිඩ්ස් කියල එකක් තියනවා, ඒත් පේන විදිහට ඒකෙත් අවුට්පුට් එක පවර් පොයින්ට්.🤔
ඩිජිටල් චිත්‍ර 1,2 දෙකම බැලුවා.👌
DeleteThank you බස්සා .
Deleteමමත් කාලයක් තිස්සේ හොයනවා බ්ලොග් වලට slide show widget එකක් තියෙනවද කියලා, quotes දාන්න. තාම නම් ගැලපෙන එකක් හම්බවුනේ නැහැ.
හැම එකකම වෙනම ලස්සනක් තියෙනවනේ ...ඉතින් වැඩිපුරම කැමති කොඉ එකටද හිතාගන්න බැහැ ඒත් අන්තිම එක (රතු සාරිය) එතකොට මල් වෙළෙන්දිය, shoe laces .................beautiful
ReplyDeleteThank you කුමුදු, ඔයාලා නිසා තමයි මේ ටික එක තැනකට එකතු කරන්න හිතුණේ
DeleteBoat in Water, Dancers, Birds among plants, Sparrow on Ledge
ReplyDeleteThanks Pra!
DeleteTo receive a worded comment from you is a prize in itself! :D
+++++++++
Deleteඔක්කොම එක වගේම ලස්සණයි. මුල්ම හරියෙ එන බීච් එකේ ඉන්න කපල් එක ඇතුලු කපල් චිත්‍ර ඔක්කොම වගේ ලස්සණයි. බෝට් එක සහිත චිත්‍රයත් ලස්සණයි.
ReplyDelete"මම සමහර චිත්‍ර අඳින්නේ තව දෙයක් කරන ගමන්.... නැත්නම් කෝල් එකක් අතරතුර. මට ඒ වැඩ දෙකම පටලවා ගන්නේ නැතිව එක සැරේ කරගන්න පුළුවන්" ඒකනම් මටත් පුරුදු වෙන්න තියෙනවනම් හොඳයි. සමහර යාලුවො ඉන්නවා පැය ගාණක් කතා කරන 😒
Thank you Lotus, වැරදි වැරදි හොයාගත්ත ක්‍රම වලට ඇඳලා චිත්‍රය හොඳට ආවාම තමයි මං හිතන්නේ හොඳම feeling එක.
Delete//සමහර යාලුවො ඉන්නවා පැය ගාණක් කතා කරන// මටත් 🤭
ඒ වෙලාවට ඔහේ බලි කුරුටු ඇඳ ඇඳ ඉඳලා දැන් සම්පූර්ණ චිත්‍රයක් උනත් අඳින්න පුළුවන් මට්ටමට ඇවිත් මම!
අපූරුයි . සුබ පැතුම් හෙල්මලී . යූ ටියුබ් එකට දාන්න. බලන්න නගරයේ කලාගාරයට එක් කරන්නත් පුළුවන් වේවි.
ReplyDeleteThank you අනුරුද්ධ,
Deleteyou tube පැත්ත ගැන හිතලා තිබුනෙම නැහැ, බලන්න ඕන ඒකත්.
ඔව් අපේ නගර සභා වලින් එහෙම හරියට මේවගේ දේවල් promote කරන වැඩසටහන් තියෙනවා. මගේ කම්මැලිකමට මම සහභාගී නොවුනට.