October 01, 2024

හෙට

හෙට වෙද්දී
අප අළු සහ ඇටකටු පමණකි
වල් පැලෑටිවල මුල්
අප හිස්කබල් අතරින්
රිංගා යනු ඇත

අද, අප
සරල ඇඳුමින්
නිරවුල් මනසින්
පිරුණු කුසින්
ප්‍රාණයෙන් යුතුව
අවධානයෙන් යුතුව
මෙතැන
මේ දැන්

සංගීතයෙන් මත් වූ විට
වයින් වුවමනා කාටද?

එන්න සුහදිනිය
දෙපා ඇති තාක්
අපි නටමු!

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem ‘Tomorrow’ by David Budbill

David Budbill (1940-2016) ඇමෙරිකානු ජාතික සාහිත්‍යකරුවෙකි. ඔහු කෙටිකතා, කාව්‍ය, නාට්‍ය පිටපත්, ළමා කතා ආදී විවිධ වර්ගවල ග්‍රන්ථ පළ කර ඇත.

ලන්ඩන් කවි 2024 ඔක්තෝම්බර් කලාපය
https://londonkavi.com/%e0%b7%84%e0%b7%99%e0%b6%a7/

Art- Watercolours and pencil




4 comments:

  1. හිස්කබල් අතරින් පැළෑටි රිංගා යන එක ඉතා කදිම උපහැරණයක්.

    ReplyDelete
  2. +++++++++++++++++👌💐🙏
    හරි හමන් කමෙන්ට් එකක් දාන්නම් "හෙට".

    ReplyDelete
    Replies

    1. කෝ දැන් කමෙන්ට් එක.

      Delete
  3. අද Vs හෙට.

    'හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා' නැතුව "නිරවුල් මනසින්", "අවධානයෙන් යුතුව" කියලා පොඩි mindfulness ටච් එකක්, දාර්ශණික බවක් දීලා තියෙන එක හොඳයි.

    ReplyDelete