ගෙවත්තේ තැන තැන
මල් දරන පැල සිටුවමි
හඬගා කියා එක එක
ඒවායේ නම් උගනිමි
නස්ටර්ෂම්, හයිඩ්රන්ජියා
ජෙරනියම්, ග්ලැඩිඔලි
අතරින් පතර තවමත්
හුරුපුරුදු නම් හඳුනමි
සීත කාලෙට උන් ගැන
තවත් වැඩිපුර ලතවෙමි
සූරියකාන්ත, දාස්පෙති,
හෙන්දිරික්කා, සිනියාස්
එළවලු නැතිව කොහොමද
සිත සිතා ඉඩ සකසමි
තක්කාලි, මිරිස්, තම්පලා
මුගුණුවැන්නද සිටවමි
පොහොරද දිය ද සපයා
ඉවසනු පිණිස හුරුවෙමි
හැම දල්ලකට, පතකට
රහස්, රස බස් කොඳුරමි
හිරු ගිලෙන හෝරාවල
දවසේ වෙහෙස නොතකමි
ගහ කොළ කියන මන්තර
දැන් වෙන වෙනම හඳුනමි
හුස්ම අල්ලා ගතවූ
දින සති මාස නිමවී
මල් පල දරන ගස් වැල්
දැක ප්‍රීතියෙන් ඉපිලෙමි
'ඉවසීම ඇත්නම්
අසිරිමත් දෑ බොහොමයි'
දිසි අදිසි දෙවියෙක්
කොඳුරන හඬට කන්දෙමි
~හෙල්මලී~
flowers by Malie G
ලස්සන සිතුවිල්ලක්....රට ඉන්න කොට තියෙන ප්‍රශ්ණ තමා....
ReplyDeleteඍතු තියෙන රටක පරිසරයේ නිරන්තරයෙන් වෙන වෙනස්වීම් වලට මම නම් කැමතියි. එතකොට හැම දේම ඇගේ දැනෙනවා වැඩියි කියලා මට හිතෙනවා
Delete+++++++++++++++++++👌🙏💐
ReplyDelete+++++++
ReplyDelete