'Hell is the absence of the people you long for.- Emily St. John Mandel

March 26, 2024

ලිපියක් ලැබෙන තුරු

ඔබ මට එවන පණිවිඩය
නිහඬ බවයි

ගස්වල මුල්
ජලයේ සැහැල්ලු නිහඬබව
තේරුම්ගතයුතු සේ ම
මම ද එය තෙරුම්ගැන්මට තැත් දරමි.

අපි
සොබාදමින් හැකි දෙයක් ගන්නට
පුරුදු වූවන් වෙමු
මම තරුවලත්, ගල් කුළු වලත්
නිහඬ බව හදාරමි

සැතපුම් ගණනක් එපිටින්, උතුරු පෙදෙසක
ඔබ හිස් පිටුවක් වෙත නැඹුරුවන අයුරු
සිතෙන් මවා ගනිමි
‘ආදරණීය…’ 
ඔබට එසේ ලියන්නට අවශ්‍ය ය

එහෙත් ඒ පිටුව, දැනටමත්
හිම පතනය විසින් 
වේලාසනින්ම ගෙනෙන
නිහඬබවේ තිරයෙන්
වැසුණු කවුළුවකි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'By the Mailbox' by Linda Pastan
Digital Painting




5 comments:

  1. ++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. The deafening sound of silence.

    "එහෙත් ඒ පිටුව, දැනටමත් හිම පතනය විසින් වේලාසනින්ම ගෙනෙන නිහඬබවේ තිරයෙන්
    වැසුණු කවුළුවකි" හරිම ලස්සනයි ඒ කොටස.

    ReplyDelete
  3. Thank you all!
    වැටවල් නම් හතරක් වත් ඕන හේන පරෙස්සම් කරගන්න, නැත්නම් වැඩක් නැහැ! :D

    Lotus
    ඔව් ඒ ටික ලස්සනයි නේද මේ කෑල්ලටත් මම කැමතියි //ඔබ මට එවන පණිවිඩය
    නිහඬ බවයි//

    ReplyDelete