'The worst thing in life is not to end up alone. It is to end up with people who make you feel alone.'- Robin Williams

March 15, 2024

වද වීම

මම නිරතුරුවම වද වීමි
ගෙවත්ත සරුව වැඩේවි ද?
ගංගාවන් නිවැරදි දිශාවට ගලාවිද?
පෘථිවිය ඊට උගන්වා ඇති ක්‍රමයට භ්‍රමණය වේ ද?
එසේ නොවුණොත් මා එය නිවැරදි කරන්නේ කෙසේද?

මා හරි ද? වැරදිද? මට සමාව ලැබේවි ද?
මට මීට වඩා සාර්ථක විය හැකිද?
කෙදිනක හෝ මට ගී ගයනු හැකිවේද?
ගේ කුරුල්ලන්ට පවා ගී ගයනු හැකි නමුත්
මා නම් කිසිම කමකට නැත

මගේ පෙනීම අඩුවෙමින් ද?
නොඑසේ නම් ඒ මගේ හිතලුවක්ද?
මට හන්දිපත් රුදාව හැදේවි ද?
පිටගැස්ම? ඩිමෙන්ශියාව?

අන්තිමේදී මේ වදවීම් කිසිවකින්
කිසිම පලක් නොමැති බව වැටහුණු නිසා
මම එය අත් හළෙමි
ඉනික්බිති මේ මහලු සිරුර ගෙන
උදෑසන වෙත ගොස්
ගී ගැයුවෙමි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'I Worried' by Mary Oliver

Digital painting




6 comments:

  1. ලස්සන කවි අදහස. ඔබේ ඩිජිටල් චිත්‍ර නිර්මාණත් දවසින් දවස අළුත් වෙනවා.

    ReplyDelete
  2. කවි ලස්සනයි හැබැයි චිත්‍ර දැන් එන්න එන්න සෑහෙන ප්‍රොෆෙෂනල් මට්ටමට ඇවිල්ලා තියෙන්නේ

    ReplyDelete
  3. 😶‍🌫️🫡🌻😁💐😁👌🙏

    ReplyDelete
  4. Thank you all!
    කවුද හිතුවේ පරිවර්තනයට වැඩිය අවධානයක් චිත්‍රයට ලැබෙන දවසක් එයි කියලා නේද? 😁
    ඇත්තම කියනවා නම් මම මේවා අඳින්නේ දිග කෝල් එකක් ආවාම එහෙම. කතාකරන ගමන් අවධානයෙන් බාගයක් දීලා තමයි චිත්‍රේ අඳින්නේ. ඒකද මන්දා රහස 🤭

    ReplyDelete