January 31, 2023

ඔබ මට හඬගැසුවොත්

Translation of the poem 'If you call me' by Korean poet Sin Sok-Chong


ශාරදයේදී කහ පැහැ වූ ගින්කෝ පත්
සුළඟ සමඟ දඟ කරමින් නටද්දී
ඔබ මට හඬගැසුවොත්, ප්‍රේමිය
පැමිණෙන්නෙමි මම
 
විල මිහිදුම් සළුවෙන් වැසී ඇති නිශාවේදී
කඳු මුදුන් වලට ඉහළින් නිහඬව අලුත් සඳ ඇදී යද්දී
ඔබ මට හඬගැසුවොත්, ප්‍රේමිය
පැමිණෙන්නෙමි මම
 
මෘදු ව දියවුණු වසත් අහස යට
ස්වර්ගය අද්දරින් දිය දහර සෙමෙන් ඇදෙද්දී
ඔබ මට හඬගැසුවොත්, ප්‍රේමිය
පැමිණෙන්නෙමි මම
 
ඍතුවේ මුලදී තණබිම හිරු එළිය උරා ගනිද්දී
ඉග්රට් කොකුන් පැහැදුල් අවකාශය මැදින් ගී ගයද්දී
ඔබ මට හඬගැසුවොත්, ප්‍රේමිය
පැමිණෙන්නෙමි මම
 
පරිවර්තනය -හෙල්මලී ගුණතිලක

From the book 'Postcards from Planet Earth: An Anthology of International Poetry' (1980)

Painted with watercolour pencils


8 comments:

  1. කාන්තා සමරිසි පෙමක් ගැන කියවෙන ලස්සන කවියක් නේද නෝනා මේක.

    ReplyDelete
    Replies
    1. ඒක හරියටම දන්නේ මුල් කවිය ලීව කෙනා තමයි

      Delete
  2. what a beautiful art..........

    ReplyDelete
    Replies
    1. Thank you Kumudu <3
      මේ කවියට තිතට ගැලපෙන චිත්‍රයක් තිබ්බේ නැහැ ඉතින්. මේක ගලපලා ගත්තා!

      Delete
  3. මේක කියවද්දි මට මතක් වුනේ "කටු අකුලින් මල් පුබුදිමි ඔබ සැනසේ නම්.... පිනි බිඳකින් මුතු අමුනමි, කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනසේ නම්" (වික්ටර් රත්නායක).

    ඒ තරම් extreme නෑ මේක, ටිකක් ලඟින් යනවා විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? අරම කළොත් මෙහෙම කරන්නම් ටයිප් :)
      මේක Korean වලින් පරිවර්තනය වුණු කවියක් නිසාද මන්දා මට වෙන ඉංග්‍රීසි කවි වලට වඩා සෞම්‍ය ගතියක් දැනුණා.
      If you call me, love කියලා මුල් කවියේ තිබුණේ. gender neutral වෙන්න ප්‍රේමිය වෙනුවට සොඳුර කියලා දාන්න තිබ්බා කියලා පස්සේ හිතුනා.

      Delete