'You don’t get to choose if you get hurt in this world, but you do have some say in who hurts you. I like my choices.'-John Green

December 05, 2022

'නිරෝධායන චාරිකාව'- කපිල කුමාර කාලිංග

නිරෝධායන චාරිකාව- කපිල කුමාර කාලිංග
ප්‍රකාශනය-ෆාස්ට් පබ්ලිෂින් (2020)

කෙටි කතා පොත් කියවීමට මා වැඩි මනාපයක් දක්වන්නේ මා ද කෙටිකතා නිර්මාණයෙහි යෙදෙන නිසා විය හැක. එහෙත් අවස්ථා කීපයක් හැරුණු විට මෑත කාලයේ බිහිවුණු ලාංකීය කෙටිකතා බොහෝ විට එකම ප්‍රස්තුත ඔස්සේ දිවෙන ඒවා බව මගේ අත්දැකීමයි. මේ නිසා නැවුම් කතා වස්තු සහිත 'නිරෝධායන චාරිකාව' කෙටිකතා පොත කියවීම ප්‍රියජනක විය.

කපිල කුමාර කාලිංග ලේඛකයා නවකතාවට මෙන්ම කෙටිකතාවටත් සමාන දස්කමක් දක්වන බව මේ පොතෙන් පැහැදිලි වේ. මේ කෙටිකතා පොත එකිනෙකට හාත්පසින් වෙනස් තේමාවන් ගෙන් යුතු වූ කෙටිකතා දහයකින් සමන්විතය. ලිවීමේදී කතුවරයා යොදාගන්නා සියුම් භාෂා විලාසය කියවන්නා කතා වෙත බැඳ තබා, චිත්ත රූප මවාලයි.

"මීදුම බාගෙට මිදුණු ජෙලියක් මෙන් ඇඟෙහි ඇලෙන සුළු බවක් නීල් ට දැනෙන්නට විය. ඔහු පාද එසවූයේ වතුරේ ගමන් කරන්නෙකු මෙන් ආයාසයෙනි. පරිසරය පුරා පැතිරුණු කිසියම් පිලී ගඳක් නීල් ගේ නාස් පුඩුවල දවටුණි. ඔහු වරින් වර ලේන්සුවෙන් දෑසත්, නාසයත් පිස ගත්තේය."

-ඝන මීදුම | 26 පිටුව

"කවුළුව තුළින් බාහිර ලෝකයේ නියැදියක් දිස් වෙයි. මුහුදත්, අහසත් හැරුණු විට කවුළුවට තරමක් පහළින්, ඉදිරියට නෙරා ආ උළු වහලයක කොටසකි. ඊට ඔබ්බෙන් පිටුපස මිදුලෙහි කොට්ටම්බා ගස් දෙකක් හා තැඹිලි ගසකි. රේල් පාර නොදිස් වෙතත්, දුම්රියේ හඬ ඇසෙයි. දෙපස, ඈතින් පැරණි හා අලුත් ගොඩනැගිලිය. ඒවායේ ද පියැසි, තාප්ප, සඳළුතල හා ගෙමිදුල් මිස වෙනත් විස්තරයක් හොඳින් නොපෙනේ."

-කවුළුවෙන් එහා| 224 පිටුව

'නිරෝධායන චාරිකාව' කපිල කුමාර කාලිංග ගේ පස්වන කෙටිකතා එකතුවයි.




4 comments:

  1. පොතේ නම අනුව කොවිඩ් වලට සම්බන්ද කෙටිකතාත් ඇති. (මෙච්චර ඉක්මන කොවිඩ් ගැනත් කතා පොත් ඇවිල්ලද කියලා බලද්දි ප්‍රකාශකයින්ගෙ නම 'ෆාස්ට් පබ්ලිෂින්').

    "මීදුම බාගෙට මිදුණු ජෙලියක් මෙන් ඇඟෙහි ඇලෙන සුළු බවක්" මටනම් මීදුම ඇඟේ වදින එක හරිම කැමති අත්දැකීමක්. මේ කොටස අනුව මෙතනදි යම් අප්‍රසන්න පරිසරයක් ගැන කියන නිසා එහෙම යොදා ගන්න ඇති.

    ReplyDelete
    Replies
    1. Lotus- කෝවිඩ් ඇවිත් අවුරුදු තුනක් වෙන්නත් කිට්ටුයි කිව්වම පොඩි බයක් දැනෙන්නේ නැද්ද? නිකම් ඒ අවුරුදු තුනට මොකද වුණේ වගේ? හරි නම් අපේ වයසෙන් ඒ කාලේ අඩුවෙන්න ඕන!
      පොතේ කෝවිඩ් සම්බන්ධ කතාවක් තියෙනවා. අනිත් කතා කාලයක් තිස්සේ ලියලා තිබුණු, පස්සේ සම්පූර්ණ කළ ඒවා බව කතුවරයා කියලා තිබුණා.

      මීදුම ගැන තියෙන කතාවේ ඒ මීදුමේ බියකරු බව ම තමයි ප්‍රස්තුතය. ඒ නිසයි එහෙම තියෙන්නේ. මම කැමතිම මේකේ 'කවුළුවෙන් එහා' කතාවට. ඒක පොඩි කම්පනයක් ඇති කරවනසුළුයි.
      ඕස්ට්‍රේලියාවේ ඔටුවෝ මරණ කතාවකුත් තියෙනවා :D

      පුළුවන් උනොත් හොයාගෙන කියවන්න. ඔයා කැමති වෙයි.

      Delete
  2. https://en.wikipedia.org/wiki/The_Fog_(2005_film)

    ReplyDelete