'One could not count the moons that shimmer on her roofs, Or the thousand splendid suns that hide behind her walls.'- Khaled Hosseini

July 19, 2022

සන්ධ්‍යානන්දය - කීර්ති වැලිසරගේ

සන්ධ්‍යානන්දය - කීර්ති වැලිසරගේ (2021)
සරසවි ප්‍රකාශකයෝ

ජීවිතයෙන් වැඩි කාලයක් රැකියාවල නිරතව ගෙවූ යාන්ත්‍රික, කාර්යබහුල යුගය අවසන්ව විශ්‍රාම සමය එළඹුනු විට ඊට හැඩගැසීමේදී යුවලක් මුහුණ දෙන අභියෝග නිමිති කරගෙන ලියවුණු නවකතාවකි, සන්ධ්‍යානන්දය.

ආනන්ද සහ රාධා විවේකය බහුල විශ්‍රාම දිවියට පිළිපන් විට ඊට මුහුණ දෙන්නේ එකිනෙකාට සම්පූර්ණයෙන්ම වෙනස් අයුරිනි. මෙහිදී ඇතිවන කැළඹුම් මෙන්ම ඊට සමාන්තරව ඔවුන් වෙත එළඹෙන අනපේක්ෂිත පෞද්ගලික සහ සමාජමය සුළි කුණාටු ගැන මේ කතාවෙන් කියවේ. එමෙන්ම දීර්ඝ විවාහයක් තුළ ඇති එකිනෙකා දරාගැනීම, ඉවසීම මෙන්ම වදනින් අප්‍රකාශිත නොගැලපීම් ආදියද මෙහිදී කතුවරයා සංයමයෙන් කතාවට මුසු කර ඇත.

කීර්ති වැලිසරගේ ගේ ලිවීම් රටාව කවදත් මගේ සිත් ගන්නේ එක හුස්මට කියවාගෙන යාමට ඉන් රුකුල් ලැබෙන නිසායි. 

සන්ධ්‍යානන්දය කීර්ති වැලිසරගේ ගේ නවවෙනි නවකතාවයි.






6 comments:

  1. හෑ, අමුතුම ඒත් සිත් ඇදගන්නා මාතෘකාවක්. මේ ජාතියෙ කතා කියවලම නෑ.

    ReplyDelete
    Replies
    1. පොඩි හෙල්ලිල්ලක් තියනවා අන්තිම :)

      Delete
    2. කියන්න බැරි වුනා. කලින් පෝස්ට් එකේ දියසායම් චිත්‍රය හරිම ලස්සනයි. සිබිල් වෙත්තසිංහ නෝනත්, ඔහොම ඇඳපු චිත්‍ර වලට යොදාගත්තෙ දියසායම් කියලයි කියන්නෙ.

      Delete
    3. ආ මේ පෙර පෝස්ට් එකට පසු කමෙන්ට් එකක්නේ, thank you බස්සා! කොහෙද ඒකෙ කවිය දැකලා බස්සා ගේ තටු පැටලුනා නේ :D

      ඉස්කෝලේ යන කාලෙට පස්සේ දිය සායම් වැඩේට මේ ලඟදි බැස්සේ. තාම පර්යේෂණ අවධියේ. අඳිනවා, වරදිනවා, අල වෙනවා, හරියනවා ආදී වශයෙන්. ඉදිරියේදී තව බලාපොරෝරොත්තු වන්න! :)

      Delete
  2. මම හිතාගෙන හිටියේ මං මහා ලොකු පොත්කාරි කියලනේ
    එත් ඔය පොත් 9 මගේ සීමාවෙන් එපිටයි තිබිල තියෙන්නේ
    අනිත් පොත් 8 මොනවාද කියල දානවද සුදෝ.

    ReplyDelete
    Replies
    1. කුමුදු -
      දුර්යෝගය, දැදුරු ගිරිකුළු, කාල සර්ප, ගරුඩ මුහුර්තය, රුදු රොන් සුණු, දෛව, මායා තීර්ථ, උණු දූවිලි
      මම නම් මේවායින් කැමතිම ගරුඩ මුහුර්තය. මීට අමතරව කෙටිකතා එකතු කීපයකුත් තියෙනවා.
      කීර්ති වැලිසරගේ ගේ පුතා නකුල වැලිසරගේ ත් රසවත් කෙටිකතා සංග්‍රහ දෙකක් කරලා තියෙනවා.

      Delete