March 30, 2022

කවියෙක් සමාව ඉල්ලයි

















මා අතින් නොලියවුණු කවි ගැන
සමාව දෙනු මැන මට

උත්ප්‍රාසයෙන් අවුරා දැමූ
කේන්තියෙන් පාගා දැමූ
ආත්ම- ආරක්ෂාවට පිළිකෙව් කළ
බිය නිසා නොසලකා හළ
ඒ කවි සියල්ල ගැන

නොතේරුම්කමින්, බියෙන් අන්ධව
නොතැකුවෙමි ඒවා මම
ඒ නොලියූ කවි
දස අත මහා ඝෝෂා කර
දිවා රෑ මා සොයා ආ නමුත්

පළවා හැරියෙමි ඒ හැම
ඒවාට සැරසෙන්නට හැකිව තිබුණු වර්ණ
පළඳින්න ඉඩ නොදුන්නාට
මට සමාවෙන්න
අඳුරේ හෙලූ ඒවායේ මුහුණු ගැන
මට සමාවෙන්න
නොලියූ පද පේළි වෙතින් මිදෙන්නට
ඒ කවි එඩිතර වූයේ නැත

මා නිෂ්ක්‍රියව ගත කළ හැම පැයකදීම
නොසලකා හරිනු ලැබ
කවියක් මියගොස් ඇත

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

A Poet asks for Forgiveness- Fay Zwicky

වසත් සුළඟ 30.03.2022
https://epaper.dinamina.lk/Home/ShareImage...

photo- Pixabay

9 comments:

  1. සහස් පියවර මම ග්‍රන්ථ.lk එකෙන් ගෙන්නගත්තා. දවස් දෙකෙන්ම ගෙනත් දුන්නා ...අනේ...කතන්දර ඔක්කොම හරි ලස්සනයි. එක එක වෙලාවට එක එක ගැන කියන්නම්.
    පුංචි යකා ....බස්සෙක් නේද.... අපූරු කතාව අප්පා. ඔයා වචන හසුරුවන හැටි හරිම අපුරුයි. අනේ දිගටම ලියලා පොත් හැටියට අපිට දෙන්න.
    සති අන්ත....හිතේ ලොකු බරක් ඉතුරු කළා. ඉතුරු ටික තව ඉදිරියට...

    ReplyDelete
    Replies
    1. මහන්සි වෙලා පොත හොයාගත්තාට ස්තූතියි කුමුදු!
      පුංචි යකා බස්සෙක් නෙමෙයි, යකෙක් :D
      මගේ ඊමේල් එක hotchocdays@gmail.com ඒකට කියලා එවන්නකො ඔයාගේ අදහස්. ආසයි දැනගන්න. නැත්නම් මම පෝස්ට් එකක් දානකම් ඉන්න වෙනවා ඔයාට අදහස් කියන්න ❤

      Delete
  2. සමාව ඉල්ලුවට පස්සෙ මලී කොයි ලෝකෙ ගිහින්ද. මෙච්චර ගැප් එකක් පෝස්ට්ස් දාන්න ගන්නෙ නෑ නේද සාමාන්‍යයෙන්.

    ReplyDelete
    Replies
    1. මම ලියන ඒවා මිස් වෙන අය ඉන්නවා කියන එකත් වෙනම ජොලියක්. Thank you Lotus :)

      මේ ටිකේ අරගලය follow කළ නිසා මුකුත්ම අලුතින් පෝස්ට් කළේ නැහැ. ඉක්මනින්ම එක හිතින් ලියන්න පුළුවන් වෙන කාලයක් ඒවි නේද!

      Delete
  3. එහෙම තමයි ඉතින් celebrities වුනාම. Fansලා ඇහැ ගහගෙන ඉන්නෙ.

    ඔවු, ලංකාවට ඉක්මනින් පොසිටිව් දෙයක් වේවා කියලා හිතමු.

    ReplyDelete