'The trouble is if you don’t spend your life yourself, other people spend it for you.'― Peter Shaffer

February 02, 2022

සම්බන්ධය




Translation of the poem The Affair by Katherine Gallagher
 
පුරුද්දක් තිබුණා ඔහුට
ආ විගස, ඇඳුම් උනමින්
ඔරලෝසුව බලන්නට

ඔහු පැයකින් දෙකකින්
යන්නට යන බව
ඈ දැන සිටියා
නොබලාම ඔරලෝසුව

ඔහුගේ ඒ පුරුද්ද
සුපුරුදු ලෙස ඔහු ආපිට යන බව,
කෑමට ගෙදර යන බව,
දන්වන පණිවිඩයක් යැයි
දැන සිටියා ඇය.

සුරක්ෂිතව මෙසේ
වසර ගණන් ගතවිය හැකිව තිබිණි.

බලා සිටීම, දුරකථන ඇමතුම, පැමිණීම
එය නොසෑහෙන තරම් වූවත්
යම් තරමක දෙයක් විය

එය කොයිතරම් නොසෑහේදැයි
වැටහුණා ඇයට
ඇගේ උපන්දිනය සිහිවී
ඔහු මල් කළඹක් එවූ දා
ඈට හැඬුම් ආ විට

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
දිනමිණ වසත් සුළඟ - 02.02.2022 


5 comments:

  1. Replies
    1. ස්තුතියි අජිත්

      Delete
  2. හ්ම්....🤔
    දිග කතාවක්, කෙටි කවියක්.🙏👌😟

    ReplyDelete
    Replies
    1. බස්සා හ්ම් කියන්නේ ආවේ නැත්නම් වෙන අය හ්ම් කියලා යන තත්වයක් තියෙන්නේ දැන්! :D
      ඔව් කෙටිම කෙටි දිග කතාවක්, මම ආසම ජාතිය

      Delete