'The trouble is if you don’t spend your life yourself, other people spend it for you.'― Peter Shaffer

February 01, 2022

වැලන්ටයින් තිළිණය- ලන්ඩන් කවි, පෙබරවාරි කලාපය


Translation of the poem 'Valentine by’ Carol Ann Duffy 

ලන්ඩන් කවි -පෙබරවාරි කලාපය 


මා ඔබට දෙන තිළිණය
රතු රෝස මලක් හෝ
විල්ලුද හදවතක් නොව
ළූනු ගෙඩියකි
එය දුඹුරු කඩදාසියක එතූ සඳක් වැනි ය
ප්රේුමයේ සියුම් නිරුවත්වීම විලසින්
එහි පොරොන්දුව ද ආලෝකයයි 


පිළිගනු මැන එය
ප්රේගමවන්තයෙක් ලෙසින්
එය ඔබව කඳුලින් අන්ධ කරනු ඇත
කැඩපතේ ඔබගේ පිලිබිඹුව
ශෝකයෙන් වෙව්ලන සේයාරුවක් කරනු ඇත 


මා සත්ය යක් ම කියන්නට උත්සාහ කරමි
මගේ තිළිණය සුන්දර කාඩ් පතක් හෝ
තැපෑලෙන් දෙන හාදුවක් නොව
ළූනු ගෙඩියකි
එහි දරුණු හාදුව
අප බැඳී සිටින තාක්
අප දෙදෙනා තරම්
අයිතිවාසිකමින්, විශ්වාසී බවින්
ඔබේ දෙතොල් මත නවතිනු ඇත


පිළිගනු මැන එය
ඔබ කැමති නම්
එහි ප්ලැටිනම් වළලු
මඟුල් මුද්දක් සේ හකුලුවනු හැක
මේ තිළිණය මාරාන්තික ය
එහි සුවඳ ඔබේ අතැඟිලි මතත්
ඔබේ පිහි තලයේත්
තැවරී පවතිනු ඇත


පර්වර්තනය- හෙල්මලී ගුණතිලක

https://londonkavi.com/#7088


3 comments: