January 04, 2022

Undoing

 


"this
will take time.
undoing you from my blood”
― Nayyirah Waheed, Salt
 
උරහිසක තැවරුණු
උණු කඳුළු බිඳුවක තෙත
ගැඹුරු නිදි පතුලේ වුව
ඇදුම් දෙන දින තව ඇත
 
ලේ නහර මැද දුවමින්
නුඹේ මතක ඇවිලෙන සඳ
කල්පයක් ගතවුණු බව
අදහනු නොහැකි දින ඇත

ඉතින්
නුඹෙන් මා නික්මෙන්නට
තවත් කල් ගතවෙනු ඇත

-line drawing by hand


4 comments:

  1. අභිෂේකා ගෙ මතක සින්දුව මතක් වෙනව.
    අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්, මමත් කැමති සින්දුවක් ඒක.

      Delete