January 06, 2022

කාලය


Translation of the poem 'Time does not bring Relief ' by Edna St. Vincent Millay

ගෙවීයද්දී කාලය
ලැබේ යැයි සිත සැනසුම
මුසාවකි ඒ ඔවදන

ඇදහැලෙන මෝසම මැද
ඔහු නැතිව වැළපේ සිත
උදම් රළ වියැකෙන විට
ඔහු යදී උමතු ව ගත

පැරණි හිම කැටි දියවේ
බෑවුමක, දුර කඳු මත
ගෙවුණු සෘතුවක තුරු පත්
දැවී අළු වෙයි මඟතොට
එහෙත් තවමත් බරැතිව
නොමැකී හදේ පෙර ලෙස
ගෙවුණු වසරක ප්‍රේමය

සිය දහස් තැන් ඇත තව
ඔහුගේ මතකය උතුරන
යනු බැරිව පය පැකිලෙන

ඔහු නොගිය යම් තැනකට
මහත් සතුටින් එළඹෙමි
“ඔහු ගැන මතක නැත මෙහි!”
සිත සහනයෙන් මුමුණමි
එහෙත් සසැලී නවතිමි
පැරදුණු සිතින් ලතවෙමි
අමතක කරනු රිසියෙන්
ඔහු ගැන සිතා ඇත යළි

කිසිදා නොසිටි තැනකට
සිතුවිල්ලක් ව ඔහු ආ හැටි!

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 
දිනමිණ වසත් සුළඟ- 05.01.2022

Photo- Unsplash




4 comments:

  1. කලින් පෝස්ට් එකට වෙන බස්සෙක් එව්වා, ආවා නේද?😂🤣

    ++++++++++🙏👌😊

    ReplyDelete
    Replies
    1. ආවා ආවා 😊
      දැන් බස්සාගේ ජොබ් එකත් නැතිවෙන පොටක් තියෙන්නේ.

      තෑන්ක් යූ බස්සා

      Delete
  2. අපිට බොරුම තමයි කියලා දීලා තියෙන්නෙ time heals කියලා. තුන්වෙනි verse එක බරට දැනෙනවා.
    ඉංග්‍රීසි කවියටත් ගිහින් කියෙව්වා. මලීගෙ සිංහල වචන හරිම සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Lotus හැමදාම දෙන දිරි දෙන comments වලට.
      මගේ පරිවර්තන වල තියෙන භාෂාව ස්ව තන්ත්‍ර ලියන භාෂාවට වඩා වෙනස් ද කියලා මට කාලෙක ඉඳන් හිතිලා තියෙනවා. කියවන ඔයාලා වගේ අයට තමයි ඒක හරියටම කියන්න පුළුවන් :)

      Delete