අලුත් ගෙදරට ඇවිත් අස් පස් කරද්දී පොත් අහුරපු පෙට්ටි ඇතුළේ පරණ මතක සටහන් හම්බවෙනවා. ඒ වෙලාවට අස් කරන එක පැත්තක දාලා ඒ මතක එක්ක මම අවුරුදු ගානක් ආපස්සට යනවා. මේක තෙවී පුංචිම කාලේ ලීව පොතක්. ලිව්වා කිව්වාට ඒ පුතා ඉස්කෝලේ යන්නවත්, අකුරු ලියන්න ඉගෙන ගන්නවත් කලින්. ඒ නිසා මේක එයා චිත්‍ර ඇඳලා, කතාව මට කියලා, මම ලව්වා ඒ කතාව ලියවපු පොතක් කියන එක තමයි ඒකට හරිම නිර්වචනය. ඒ කාලේ එයාට ඔහොම පොත් ලියන පිස්සුවක් තිබුණා කියලා මට මතක් වුණේ මේක දැක්කාමයි. මේ පොතේ පිටු හතරයි. එයාටම හිතුන පුංචිම පුංචි කතාවක්. 2012 දී පුතාට අවුරුදු පහයි. :)
අපූරු කතා පොඩ්ඩක්.
ReplyDeleteදැං පුතා ලොකු ලොකු කතා ලියනවැති ☺️☺️
Did he continue?
ReplyDeleteමහේෂ්, Pra Jay දැන් ඉතින් එයාගේ කතන්දර පොත් ලියවිලි වගේ සුන්දර වැඩ නැහැ. දැන් ලියන්නේ රචනා. හැබැයි ඒවායේ පොඩි අපූරු ගතියක් නම් තියෙනවා. තනිකර thinking out of the box. මම වෙලාවකට අහනවා 'පුතේ මේවා කියවලා ටීචර් කලබල වෙන්නේ නැද්ද?' කියලා. එයාගේ උත්තරේ තමයි 'stop fussing amma, it wont be a problem" කිව්වත් වගේ ඒවාට A B ලැබෙනවා. මගේ ආභාෂය නම් කියන්න බැහැ. මම එයාගේ වයසේදී සුවච කීකරු විදිහට දුන්නු මාතෘකාවට රචනාවක් ලියන් හිටිය ළමයෙක් :D
Deleteඒවා දකිද්දී මගෙ පොඩි සන්දියත් මත වුනා
ReplyDeleteසුන්දර ළමා කාලය!
DeleteBeautiful!
ReplyDeleteThank you Hattor!
Deleteසුන්දරයි!
ReplyDeleteස්තූතියි තට්ටයා!
Deleteහොඳයි. එයා දැන් ලියන්නෙ නැත්ද?
ReplyDeleteබස්සා මහේෂ්ටත් pra jay ටත් දුන්නු උත්තරේ තමයි ඔයාටත් අදාළ. :) දැන් පොත් නෙමෙයි රචනා තමයි ලියන්නේ.
Delete