'You gave me a forever within the numbered days, and I'm grateful.'― John Green, The Fault in Our Stars

December 22, 2021

දෙසැම්බරයේ උදෑසනක්


Translation of the poem 'Morning in December' by Clarice Thompson

අඳුරු මුළුතැන්ගෙට ගොස්
විවර කරමි කවුළුවේ පැලැල්ල
දුර, කළු අවකාශය මැද තනිව
දිලේ උදා තරුව

මා තුළ, මා හද අසල යමක්
ඒ තරුව හමුවන්නට ඉගිල ගොස්,
මොහොතකට එය ස්පර්ශ කර,
යළි පැමිණේ

දුර දිසි ඒ තරුව පවා
ක්ෂුද්‍ර ව පෙනෙන විශ්වයක
කෙතරම් නොවැදගත් ද මම

සැනසීමෙන්, සවිමත් සිතින්
කවුළුව අසලින් ඉවත්වෙමි

මගේ කුඩා ලෝකය
විසල් වූ බවක් දැනේ
තරමක් පිළිවෙල වූ බවක් දැනේ

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

දිනමිණ වසත් සුළඟ 22.12.2021
https://epaper.dinamina.lk/Home/ShareImage...







5 comments:

  1. ඒ මා යැයි මට සිතුනා! 💚

    ReplyDelete
  2. තිළිණි, බස්සා, නමියා, Pra Jay ස්තුතියි!

    ReplyDelete
  3. තරු දිහා බලන කොට තමා අපි එපමණ වැදගත් නැහැ කියල සිතෙන්නේ

    ReplyDelete