May 27, 2020

Pihu



මම චිත්‍රපටි බලන්නේ බොහොම අඩුවෙන්. අඩුම කාලයක් ඇතුලත වැඩිම චිත්‍රපටි ගණනක් බැලුවේ මේ පහුගිය කාලේ කොරෝනා විවේකයේදී කියන්න පුළුවන්. ඒ බැලුව චිත්‍රපටි අතරින් මාව වැඩියෙන්ම කම්පනය කළේ අවුරුදු දෙකක විතර කෙල්ලෙක් කියන එක තමයි පුදුමම වැඩේ! චිත්‍රපටිය Pihu. 2018 දී Vinod Kapri තිර රචනය/අධ්‍යක්ෂණය කළ චිත්‍රපටියක්. පුංචි දැරියක් ගෙයක් ඇතුළේ අනපේක්ෂිත විදිහට හිර වෙලා ගතකරන වෙලාව ඇතුලෙදි වෙන සිදුවීම් මාලාවක් ඒකට පසුබිම් වෙලා තියෙන්නේ. Pihu ගේ චරිතය රඟපාන චූටි කෙල්ලගේ (Myra Vishwakarma) රඟපෑම ගැන කියන්න වචන නැහැ. ඒ චිත්‍රපටියේ එකම රඟපෑම ත් Pihu ගේ විතරයි. 

දරුවෙක් ඉන්න, එහෙම නැත්නම් එක පැයක් හරි දරුවෙක් බලාගත්ත කෙනෙකුට මේ චිත්‍රපටියේ වෙන්න තිබුණු අනතුරු දැකලා ඇඟේ ලේ වතුර නොවුණොත් ඒක පුදුමයක්. මම නම් තාමත් කම්පනයෙන්!

2 comments:

  1. තවත් චිත්‍රපටයක් බලන්න තියෙන ගොඩට එකතු වුනා. මගේ චිත්‍රපට ලෝකය බ්ලොග් එකතු පෙලේ චිත්‍රපට රැසක් තියෙනවා. Trailers බලන්න සමහර විට ඔබ ආසාවෙන චිත්‍රපට තියේවි. ඒ අත්දැකීම් ඔබේ මීළග කතා රසවත් කරාවි.

    ReplyDelete