February 01, 2019

නවතාලනු ලබන වසත් සුළඟ

අවුරුද්දේ මුලම බොහොම කණගාටුදායක ආරංචියක් අහන්න ලැබුණා. බොහොමයක් අලුත් ඒ වගේම නම ගිය, ප්‍රසිද්ධ ලේඛක ලේඛිකාවෝ කවි, කතන්දර ලිව්ව දිනමිණ පත්තරේ වසත් සුළඟ නිර්මාණ පිටුව අහෝසි වෙන්න යන බව. මේ පිටුවේ නිර්මාණයක් පළ වුණු නිසා ආත්ම ශක්තිය වැඩිවෙලා තව තව ලියන්න පෙළඹුණු මහා සෙනඟ අතරේ මමත් එක්කෙනෙක් විතරයි. මගේ කවි වගෙම කෙටිම කෙටි කතා ගණනාවක්ම මේ පිටුවේ පළ වෙලා තියෙනවා. ඊට අමතරව කොයිතරම් වැඩ රාජකාරි තිබුණත් හැම සතියෙම වගේ විදෙස් කවිය ට කවියක් පරිවර්තනය කරන්න මම අමතක කළේ නැත්තේ ඒවා පළවීමෙන් මම සතුටක් ලබනවා වගෙම කියවීමෙන් සතුටක් ලබන කොටසක් ඉන්න බව දන්නා නිසායි.

වැඩිවන පිරිවැය එක්ක කාලෙන් කාලෙට ලාභ අරමුණු කළ ආයතනවලට මේ වගේ තීරණ ගන්න වෙන බව ඇත්ත. ඒත් පාඨක ප්‍රතිචාර ඉහළින් තියෙන පිටුවක් අයින් කරන එකෙන් ලාභයට බලපෑමක් එන්නේ නැද්ද?
දිනමිණ වසත් සුළඟ පිටුව නිසා ලේඛනයට පිවිසුණු අයට, ඉස්සරහට පිවිසෙන්නට ඉන්න අයට, ඒ පිටුවේ නිර්මාණ කියවලා රසවිඳින අයට වෙන අසාධාරණයට විසඳුමක් කෝ?




6 comments:

  1. 'නොනැවතී හමා යනු පිණිස'????????????? :/

    ReplyDelete
  2. මා හිතන්නේ "වසත් සුළඟ" වෙනත් නමකින් කලින්ටත් වඩා නවතාවයකින් යුක්තව එළි දකීවි.

    ReplyDelete
  3. එ් සෙනග අතරෙ මමත් ඉන්නව....ඇත්තටම කණගාටු දායක ආරංචියක්!!

    ReplyDelete
  4. නැවතුනත් යළි ඒවී...

    ReplyDelete
  5. ගොඩක් පත්තර වලින් ගැලවී ගිය කවි පිටුව දිනමිණෙන් ගැලවෙන එක දුකක් . අළුත් නමකින් හරි ආයේ එනවා නම් හොදයි . ඒත් අපි බ්ලොග් එකේ දිගටම ලියමු . බ්ලොග් පත්තර හිතවතුන්ගෙන් වැඩිපුර කවි බෙදාගන්න කියල කාරුණික ඉල්ලීමක් කරමු .

    ReplyDelete
  6. අයියෝ මමත් හැමචාම සදුදා රෑ 12ට බලනවා මගේ කවි/කතා තියෙනවද කියලා වසත් සුළගේ. මම නම් හිතන්නේ දිනමිණ ලොකු පාඩුවත් කරගන්නේ ඒක නැති කළොත්

    ReplyDelete