කුමරි පාලම ඉහ උඩ
ගිනිගද්දී හවසට ඉර
මුමුණමින් මුදු කවි පොඩි
යරා ගඟ දුර ගැලුවා
'යා කළ නොයුතු බිම් කඩ
යා කරයි පාලම, නුඹ'
ඇසුණු නෑසුණු කවි මැද
දිග කතාවක් තිබුණා
ඉර නිදිගත්තු මැදියම
දෑලම සුළඟ පැටලී
මල් සුවඳ ඉහිරෙන විට
තුරු පෙළත් මඟ බැලුවා
රත් පැහැති අහසක් යට
දෙඉවුර දෑත එක් කර
කුමරි පාලම තවමත්
දුර බලාගෙන හිටියා
Photo- Humans in Melbourne | Princess Bridge, Melbourne CBD
Beautiful .....
ReplyDeleteඋඩින් බර වාහන හැම
ReplyDeleteයටින් ඔරු සහ පාරු යන මෙම
'යරා' ගඟ දෙපස ඉවුරම
යා කරයි මේ කුමරි පාලම
Thank you!
ReplyDeleteලස්සනයි මලී.
ReplyDeleteජයවේවා!!!
In the first glance, I saw this title as 'Princess Bride', one of my favorite movies. But you didn't dissapoint me: your verse is really lovely; explained a story just as in a movie. :)
ReplyDeleteThanks Duminda and Siththamee!
ReplyDelete