'The worst thing in life is not to end up alone. It is to end up with people who make you feel alone.'- Robin Williams

August 25, 2017

සතුට!


කවුළු දොර අත ළඟ ළඟ
හිනැහේ හිස මල් පිරි ගස 
දහස් වර දුටුවත් පෙර
හැඟේ මුල් වර දුටු ලෙස

මල් විසිරුවා සුළඟට
හිනැහෙන දෑස අඩ කොට 
දකිමි, මේ නම් සතුට ය!

ඉතින් හඳුනමි මම
නැතත් හිස ගැවසි මල් රැස





2 comments:

  1. නෙතට දසුන
    දැනෙන සුවඳ
    සැබෑමයි මෙයනම්
    සතුටක්ම වේමැයි...

    ලස්සනයි මලී.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මල්, මිනිසුනට සතුට
    සමනලුන්ට ආහාර.
    ඒ සියල්ලෙන් පසු
    මිලින වි ගියත්
    ඊළඟ පරම්පරාවට
    බීජයක් නිපදවා ඇත.

    ReplyDelete