මීදුමක අතැඟිලි විත්
වත පිරිමදින අරුණක
තුරුහිස් මතින් ඉහිරෙන,
පත් රන් දියෙන් නහවන,
හිරු කෙඳිති දැක මත්වෙමි
ඒ නුඹ ම බව හඳුනමි
සීරුණු සිතක තැවුලෙන්
කඳුළු ඉහිරුණු දවසක
දිය කඩිත්තක ඉවුරක,
කවියක් තියා නැවතුන,
මලක් දැක මඟ නවතිමි
ඒ නුඹෙන් බව හඳුනමි
photo- misty morning in Melbourne
ලස්සනයි මලී.
ReplyDeleteජයවේවා!!!
සිසිර, ගිම්හාන, සරත්, වසන්ත යනුවෙන් දේශ ගුණය අනුව කාලය බෙදා තිබුනත්. චමත්කාරය දැකිය හැකි කෙනකුට ඒ ඕනෑම කාලයකදී නව අදහස් පහළ වනු ඇත.
ReplyDeleteඒක පට්ටයි <3 <3 <3
ReplyDeleteස්තූතියි හැමෝටම! :)
ReplyDeleteas always <3
ReplyDelete