'Moonlight floods the whole sky from horizon to horizon; How much it can fill your room depends on its windows.'- Rumi

January 01, 2017

පෙනෙන නොපෙනෙන

ඔබ නොමැති පාළුව
ලා අළු පැහැති ය
සුසුමක් සේම අත ළඟ

හදිසියේ වට වැස්සට
පෙඟුණු සුදු තම්බර්ජියා මල
වෙලා ගත දැවටෙන
සිහින් මිහිදුම ලෙස


ඔබ නොමැති හිස් බව
පෙනෙන නොපෙනෙන සුළුය
එහෙත් නියතව ඇත

පොකුණත පතුළ දිලිසෙන
වරල් විහිදා සැඟවෙන
රන් මත්ස්‍ය සෙවනැලි ලෙස



























photo- Udawalawe, Sri Lanka




5 comments:

  1. ලස්සනයි මලී.
    උදාවෙන 2017 වාසනාවන්ත එකක් වෙන්නට මගෙන් සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. සොඳුරු පද පෙළක් මලී...සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  3. තව තවත් සොඳුරු පද බිහි වන නව වසරක් වේවා-මලී අක්කේ..

    ReplyDelete
  4. ස්තූතියි! සොඳුරු වසරක් ඔබ සැමටත්!

    ReplyDelete
  5. සැමටම සුබ නව වසරක් වේවා! ලස්සන පැදි පෙළක්. සුදු තන්බර්ජියා මල් තිබෙන්නේ කලාතුරකින්

    ReplyDelete