පාට මියගිය හීන
අතුරලා එක පෙළට
මතක හිඟ නිම්නයට
පාලමක් තනන්නද?
හදවතෙන් ගලා ගිය
රුහිරු ඉහිරුණු බිමක
රත් පැහැති පතක් වී
ගසක් මුල නිදන්නද?
එළඹෙනා සිසිරයේ
දිරා යන හදවතක
මැකී යන කවක් ගෙන
බිම් මලක ලියන්නද?
pic- stpaulslifestyle

No comments:
Post a Comment