'but music only exists because the pauses exist, and sentences only exist because the blank spaces exist'- Paulo Coelho

April 26, 2016

නුඹ, හැමතැන!






























රත් පැහැ පත්‍ර ගිලිහෙන
හේසල් ගහක හෙවනක
කෙලෙසද තබා මැකුණේ
මතකයක රළු කෙළවර?

පින්සල් පහර නොපෙනෙන
තනි නිල් පැහැති අහසක
කෙලෙසද දුරින් ලීවේ
නොකියූ කවක පද වැල?

ගිලිහුණු පසුත් අත්වැල
උපදින සෑම දවසක
කෙලෙසද මුදු ව මැවුණේ
හද බැඳි සෑම දසුනක?

Photo- Autumn in Olinda, VIC




8 comments:

  1. හේසල් නට් එකක් තද වෙලා ද??

    ReplyDelete
  2. සුන්දරයි.............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු!

      Delete
  3. අවසන් පත්‍ර කිහිපය
    ගිලිහී යාවි හෙට දින
    නිල්වන් අහස පසුබිම
    රත් පැහැ මතක ඉතිරිව

    ReplyDelete
    Replies
    1. ගිලිහෙන සෑම පතකම
      අමුණා තබා සෙනෙහස
      සිසිරයේ සීතල ළඟ
      නිහඬව හිඳී ගස් පෙළ


      Delete
  4. ප්‍රශ්ණ තුනක්.....ලස්සන කවි පන්තියක්

    ReplyDelete