මේක තවත් පොත් පෝස්ට් එකක්. පොත් ගැන ම නෙමෙයි ලිවීම ගැන.
අද මාත් එක්ක කතා කළ කෙනෙක් කිව්වා 'ලියන්න ආසයි, ලියන්න දේවලුත් තියෙනවා, ඒත් දැන් පරක්කු වැඩියි කියලා හිතෙනවා.' කියලා.
මම නම් ලියන්න ගත්තේ අවුරුදු තිහත් පැනලා කීවාම ඈ විශ්වාස කළේ නැහැ. ඒ වගේම තමයි මම සිංහල හරියට ඉගෙන ගත්තෙත් වයස අවුරුදු දහයක් විතර වෙලා කියන එක. ඒ නිසා මේක It is never too late to follow your heart වර්ගයේ පෝස්ට් එකක්.
මම ඉස්කෝලේ යන කාලේ සිංහලෙන් නම් නිර්මාණාත්මක දේවල් ලීවෙම නැති තරම්. පස්සේ කාලෙකත් මම ලියන්න පටන් ගත්තේ එක්තරා විදිහකට හිත නිදහස් කරගන්න ක්‍රමයක් හැටියට. මුලින් ලීවේ කවි. කෙටිකතා, පරිවර්තිත කවි, පරිවර්තිත කෙටිකතා කියන පැති වලට මම යොමු වුණේ ක්‍රම ක්‍රමයෙන්, බොහොම හෙමින්. (මුලින්ම කෙටිකතාවක් පරිවර්තනය කරලා තාම අවුරුදු තුනක් වගේ) මට ලියන්න පුළුවන් බව මම දැනගත්තෙත් අනුන්ගෙන්. මට තියෙන හැකියාවක් ගැන විශ්වාසයක් ගොඩනැගුණේ මම ලීව දේවල් කියවපු අයගේ ප්‍රතිචාර වලින්. ඒකත් ජීවිතේ එක්තරා විදිහක irony එකක්.
මම ලියලා තියෙන්නේ පොත් දෙකයි, ඒ නිසා මම මහා කතුවරියක් නෙමෙයි. හැබැයි මම නිරන්තරයෙන් විවිධ දේවල් ලියනවා, පරිවර්තනය කරනවා, ඉන් ලොකු සතුටක් ලබනවා. මම ලිවීමේ නියැලුණේ නැති කාලයක් තිබුණා ද කියලාත් මට දැන් හිතාගන්න බැහැ. ඒ නිසා 'ලියන්න ආසයි ඒත් දැන් පරක්කු වැඩියි' කියලා හිතන අය ඉන්න එක අපරාදේ කියලා මට හිතෙනවා. ලිවීම පොතකින් ම කෙළවර නොවුණත් දැන් මේ සයිබර් අවකාශයේ ඕන තරම් ඊට අවස්ථාව තියෙනවා. ලියන දේවල් කියවන්න කැමති අයත් ඕන තරම් ඉන්න බව මම අත්දැකීමෙන් දන්නවා. ලියද්දි ලියද්දී අභ්‍යාස වෙන නිසා හැකියාව දියුණු වෙනවා. ඒ වගේම ලිවීමෙන් ලැබෙන තෘප්තිය මිළ කරන්න බැහැ. 'ලියන්න ආසයි පරක්කු වැඩියි' කියලා හිතන එක්කෙනක් හරි මේක දකීවි කියන අදහසිනුයි මේ පෝස්ට් එක ලිව්වේ.
මේ අද මට book fair ගිය මිතුරියක් එවපු පින්තූරයක්. මට නම් මේක වචන දහසකින් වත් කියලා නිමකරන්න බැරි කතාවක් කියන පින්තූරයක්.