අගෝස්තු අග භාගයේදී
පාසලේ යුවතියන් තිදෙනෙකුට
හදිසියේම අං තට්ටු මතුවිය
මේ රූපක භාවිතයක් නොවේ
ඒවා සැබවින්ම
අස්ථියෙන් සැදුණු ඒවා විය
මුලින්ම නළලත
කැළලක් වැනි මොට්ටුවක් මතු විය
ඉනික්බිති නිහඬ ව, සෙමෙන්
ඒවායේ අතු බෙදුනේ
තම මානය තීරණය කරන
ගස් විලසිනි
සැප්තැම්බර් වෙද්දී
ඔවුන් ඒවා පැලැන්දේ
නොඉල්ලා ලැබුණු ඔටුණු විලසිනි
දොරටු වලින් ඇතුල්වෙද්දී
ඔවුන් පහත් වන අයුරු
අං පැටලී ඔවුන්ගේ ස්වෙටර්
ඉරී යන අයුරු
නොදැක්කා සේ අපි සිටියෙමු
ගුරුවරු මේ ගැන රැස්වීම් පැවැත්වූහ
පාසලේ හෙදිය
ඒවායේ සේයාරූ ගත්තේ
ලේඛනගත කිරීම් සඳහායි
ඉන් එක් යුවතියක් දැන් පාසැල් නොපැමිණේ
තවත් එකියක්
පාන් කපන පිහියකින්
තම අං තට්ටුව කපා දමන්නට තැත් කළා ය
ගණිත පාඩම අතරමැද දී
ඇයට පිටවී යන්නට වූයේ
ඉන් එක් යුවතියක් දැන් පාසැල් නොපැමිණේ
තවත් එකියක්
පාන් කපන පිහියකින්
තම අං තට්ටුව කපා දමන්නට තැත් කළා ය
ගණිත පාඩම අතරමැද දී
ඇයට පිටවී යන්නට වූයේ
ඇගේ හිසකේ මැදින්
තවත් අනතුරු ඇඟවීමක් ලෙසින්
ලේ ගලන්නට වූ බැවිණි
අනෙත් යුවතිය
තම අංතට්ටුවට
රිසි සේ වැඩෙන්නට ඉඩ හැරියා ය
සීත කාලයේදී එහි අතු අතර
විදුලි බුබුළු වැල් පැටලුවා ය
අන් අය ‘ගෝනා’යැයි විහිළු කළ විට
ඊට සිනාසුණාය
මේ සංසිද්ධිය ඇරඹුණු අයුරු ගැන වත්
එහි වේදනාවක් ඇති නැති බව ගැනවත්
කිසිවෙකු කතා කරන්නේ නැත
නමුත් වෙලාව බලන තරම් නිරතුරුවම
වැසිකිලි වලදී
අප නළලතට ඇඟිලි තුඩු තබා
තියුණු යම් දෙයක්
මතුවෙමින්දැයි
සොයමු
The Girls Who Grow Antlers by Ellanya Sivasubramaniam
Image- Geminiතවත් අනතුරු ඇඟවීමක් ලෙසින්
ලේ ගලන්නට වූ බැවිණි
අනෙත් යුවතිය
තම අංතට්ටුවට
රිසි සේ වැඩෙන්නට ඉඩ හැරියා ය
සීත කාලයේදී එහි අතු අතර
විදුලි බුබුළු වැල් පැටලුවා ය
අන් අය ‘ගෝනා’යැයි විහිළු කළ විට
ඊට සිනාසුණාය
මේ සංසිද්ධිය ඇරඹුණු අයුරු ගැන වත්
එහි වේදනාවක් ඇති නැති බව ගැනවත්
කිසිවෙකු කතා කරන්නේ නැත
නමුත් වෙලාව බලන තරම් නිරතුරුවම
වැසිකිලි වලදී
අප නළලතට ඇඟිලි තුඩු තබා
තියුණු යම් දෙයක්
මතුවෙමින්දැයි
සොයමු
The Girls Who Grow Antlers by Ellanya Sivasubramaniam
අනුවර්තනය - හෙල්මලී ගුණතිලක
පහළොස් හැවිරිදි Ellanya Sivasubramaniam ගේ The Girls Who Grow Antlers කවිය, ලොව පුරා වයස 11-17 අතර නිර්මාණකරුවන් වෙනුවෙන් පැවැත්වෙන Foyle Young Poets තරඟයේ 2025 වසරේ විශිෂ්ඨ ම කවි 15 අතරට තේරී ඇත. මේවා තේරී තිබුණේ රටවල් 135කින් යොමු වූ කවි 28344 අතරිනි. Ellanya එංගලන්තයේ රීඩින් නගරයේ වෙසෙන්නියකි.
+++++++++++++++++++++++++++++💐
ReplyDeleteThanks Bassa!
Deleteටිකක් creepy වගේ නැද්ද...........ම් ........ .....මට දැනුන හැටිද............අවසානයේ වෙනසක් බලාපොරොත්තු වුනා මම නම්.
ReplyDeleteකුමුදු- හොඳටම creepy. ඇත්තටම එහෙම වෙන්න බැරිද කියලා අපටත් හිතෙන්න අරිනවා. රුපක භාවිතය ඉහලයි ඉතින්
Deleteඒක මරු... 😃😃😃
ReplyDeleteස්වීට් ටූත් කියවලා හෝ බලලා තියේද..
මහේෂ්- නැහැනේ, hybrid ළමයෙක් ගැන කතාවක් නේද? බලන්න ඕන.
Delete"මේ රූපක භාවිතයක් නොවේ" කිව්වත්,එතන තියෙන්නෙම රූපක නේද. පාන් කපන පිහියකින් තම අං තට්ටුව කපා දමන්නට තැත් කිරීම, සීත කාලයෙදි විදුලි බුබුළු වැල් පටලවා අන් අය ‘ගෝනා’යැයි විහිළු කළ විට සිනාසීම. ඒවා ඔක්කොම රූපක කියලා මටනම් හිතෙන්නෙ.
ReplyDeleteBrilliant thinking by a fifteen-year-old girl 👍.
Lotus - මාත් impress වුණේ මේ කිවිඳියගේ වයස දැක්කාම. මේ වයසට මෙහෙම satire & metaphors ගානට බැලන්ස් කරලා ලියන්න පුළුවන් එකම ලොකු දක්ෂකමක්!
Delete