October 13, 2025

මුණගැසීම

අරුණෝදයකදී, හිම මිදුණු මිටියාවතක් හරහා
අපි අස්රියක ගමන් කරමින් සිටියෙමු
අඳුර මැදින් ආලෝකය නැඟුණේ රත් පියාපතක් මෙනි

හදිසියේම, පාර හරහා හාවකු දිව ගිය විට
ඔබ අත දිගු කර එය පෙන්වීය

ඒ බොහෝ කලකට පෙරදීයි
දැන් ඒ හාවාත්,
ඒ දසුන පෙන්වූ මිනිසාත්,
ජීවතුන් අතර නොමැත

ප්‍රේමවන්තය,
කොතැනකද ඒ හැමදේම?
අතක සෙලවීම, ගල් කැටවල සර සරය
ඒවා සැඟවුණේ කොහි ද?

මා විමසන්නේ ශෝකයෙන් නොව,
විමතියෙනි

Translation of the poem Encounter, by Czeslaw Milosz
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

පෝලන්ත සහ ඇමෙරිකානු මිශ්‍ර සම්භවයක් ඇති Czeslaw Milosz ලිතුවේනියාවේ උපන්නෙකි. විසිවන සියවසේ විශිෂ්ඨ ම කවියන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන ඔහු, 1980 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත්තේය

Digital art



4 comments:

  1. මට මතක් වුනේම ලෝරා - Laura Ingalls Wilder -මවාගන්න හැකි විදියටම Little House පොත් ලියල තිබුන නිසා මේ සිදුවීම පුරුදුයි වගේ

    ReplyDelete
  2. "අඳුර මැදින් ආලෝකය නැඟුණේ රත් පියාපතක් මෙනි" හරිම ලස්සණ metaphor එකක්. ඒ අවස්තාව මැවිලා පේනවා.

    ReplyDelete
  3. අරුණෝදයකදී, හිම මිදුණු මිටියාවතක් හරහා
    අපි අස්රියක ගමන් කරමින් සිටියෙමු

    මම කැමතිම කොටස👌

    ReplyDelete
  4. කුමුදු , Lotus, බස්සා තුන්දෙනාටම එක උත්තරයක් දෙන්නේ කම්මැලිකමට නෙමෙයි හොඳේ! :D
    කවිය ගැන තුන්දෙනාටම කියන්න තියෙන දේවල් එක කමෙන්ට් එකකින් කියන්න හිතුවා.

    මේක මට බොහොම අහම්බෙන් ඇහැ ගැටුණු කවියක්. කියෙව්වාම මාව පොඩ්ඩක් හෙල්ලුණා කිව්වොත් හරි. /We were riding through frozen fields in a wagon at dawn/ කිව්වාම කුමුදු කිව්වා වගේ ලෝරාගේ කතා තමයි මැවෙන්නේ. දැන් කාලේ වැගන් වල කවුද නැත්නම් ගමන් යන්නේ! බස්සා කිව්වා වගේ ඒ මුල් කොටසත් Lotus කිව්වා වගේ ඉර නැගෙන කොටසත් ලස්සනට හිතේ ඇඳෙනවා ඒ වචන වලින්.
    මම කැමතිම මේකෙ අන්තිම කොටස ට. අහිමි වුණු කෙනා ගැන දුකක් එක්ක කියවාගෙන එන කෙනා ව /I ask not out of sorrow, but in wonder/ කියන කෑල්ලෙන් acceptance, awe වගේ වෙනස් රසකට යොමු කරන්න පුලුවන් වුණු එක කවියාගේ දක්ෂකමක් කියලා මම හිතනවා.


    ReplyDelete