අරුණෝදයකදී, හිම මිදුණු මිටියාවතක් හරහා
අපි අස්රියක ගමන් කරමින් සිටියෙමු
අඳුර මැදින් ආලෝකය නැඟුණේ රත් පියාපතක් මෙනි
හදිසියේම, පාර හරහා හාවකු දිව ගිය විට
ඔබ අත දිගු කර එය පෙන්වීය
ඒ බොහෝ කලකට පෙරදීයි
දැන් ඒ හාවාත්,
ඒ දසුන පෙන්වූ මිනිසාත්,
ජීවතුන් අතර නොමැත
ප්‍රේමවන්තය,
කොතැනකද ඒ හැමදේම?
අතක සෙලවීම, ගල් කැටවල සර සරය
ඒවා සැඟවුණේ කොහි ද?
මා විමසන්නේ ශෝකයෙන් නොව,
විමතියෙනි
Translation of the poem Encounter, by Czeslaw Milosz
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
පෝලන්ත සහ ඇමෙරිකානු මිශ්‍ර සම්භවයක් ඇති Czeslaw Milosz ලිතුවේනියාවේ උපන්නෙකි. විසිවන සියවසේ විශිෂ්ඨ ම කවියන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන ඔහු, 1980 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත්තේය
Digital art

No comments:
Post a Comment