ගොඩනැගිල්ලකින් නික්මෙන්නෙක් සේ
මට ඔබව හැර යන්න ඉඩ දෙන්න
එහි ආරුක්කු වල නැමි
ආදර බැල්මෙන් පිරිමදින්නට
එහි දොරටු අසල
ලාලසාවෙන් තාවර වන්නට
ආපසු නොහැරී
එලෙස, නිරායාසයෙන්
මට ඔබව හැර යන්න ඉඩ දෙන්න
එලෙස, නිරායාසයෙන්
මට ඔබව හැර යන්න ඉඩ දෙන්න
මට රිසි වෙලාවක
ආලෝකය හෝ අඳුර වෙත
නික්මෙන්නට ඉඩ දෙන්න
ආලෝකය හෝ අඳුර වෙත
නික්මෙන්නට ඉඩ දෙන්න
බසයකට, දුම්රියකට, ගුවන් යානයකට
ගොඩ වෙන්නෙක් සේ,
අන් ජීවිත වලට පිවිසෙන්නට
මට ඉඩ දෙන්න
ගොඩ වෙන්නෙක් සේ,
අන් ජීවිත වලට පිවිසෙන්නට
මට ඉඩ දෙන්න
එමෙන්ම ඒ තරමටම ලේසියෙන්
ඒවායින් නික්මෙන්නටත් හරින්න
ඒවායින් නික්මෙන්නටත් හරින්න
ඒ අතරතුර
ඉඳ හිට පය පැකිලුනත්
නැවත ප්‍රකෘතිමත් විය හැක
ඉඳ හිට පය පැකිලුනත්
නැවත ප්‍රකෘතිමත් විය හැක
බරපතල අනතුරකින් මිදුණ සේ
යන්තමින් පණ ඇතිව
බිඳී, ලේ ගලමින්
හිරි වැටී, වෙව්ලමින්
අන් ජීවිත වෙතින්
මට නික්මෙන්නට ඉඩ නොදෙන්න
යන්තමින් පණ ඇතිව
බිඳී, ලේ ගලමින්
හිරි වැටී, වෙව්ලමින්
අන් ජීවිත වෙතින්
මට නික්මෙන්නට ඉඩ නොදෙන්න
ඉන් වසර ගණනාවකට පසු
සාදයක, මහා සභාවක
අනුන්ගේ දුක රස විඳීමේ ගිජු කමින්
අසා හිඳින්නන් හට
ඒ කතාව කියන්නට ඉඩ නොතබන්න
සාදයක, මහා සභාවක
අනුන්ගේ දුක රස විඳීමේ ගිජු කමින්
අසා හිඳින්නන් හට
ඒ කතාව කියන්නට ඉඩ නොතබන්න
ඔබ මුණගැසුණු විලසටම
කල් යල් නොබලා
සොඳුරු අහඹුවක් ලෙසින්
ඔබව හැර යන්නට
ඉඩ හරින්න
කල් යල් නොබලා
සොඳුරු අහඹුවක් ලෙසින්
ඔබව හැර යන්නට
ඉඩ හරින්න
පරිවර්තනය -හෙල්මලී ගුණතිලක
Translation of the poem Departures by Marianne David
Translation of the poem Departures by Marianne David
~ Departures ~
let me leave you
like one would
a building
no turning back
to give it
second glances,
caress the curves
of its arches,
or linger in its doorways
hesitant, longing
like one would
a building
no turning back
to give it
second glances,
caress the curves
of its arches,
or linger in its doorways
hesitant, longing
let me leave you
like that,
effortlessly –
like that,
effortlessly –
step out into the light
or the night
at my convenience
or the night
at my convenience
let me enter lives
like one enters
a train, coach, plane,
exit just as easily –
like one enters
a train, coach, plane,
exit just as easily –
sometimes there is
some stumbling,
but one recovers
some stumbling,
but one recovers
let me not leave
the way one does
a horrific accident
broken, bleeding,
barely alive
numb, trembling
and find myself
relating the tale years later
a party trick
the audience, enraptured,
indulging in the sick pleasure
of reliving visceral pain
the way one does
a horrific accident
broken, bleeding,
barely alive
numb, trembling
and find myself
relating the tale years later
a party trick
the audience, enraptured,
indulging in the sick pleasure
of reliving visceral pain
let me leave you
as I found you,
unthinkingly
serendipitously
By Marianne David
පසු සටහන
Digital art
as I found you,
unthinkingly
serendipitously
By Marianne David
ශ්‍රී ලංකික කිවිඳියක් වන Marianne David දශක දෙකක අත්දැකීම් ඇති ජනමාධ්‍යවේදිනියකි. දැනට ලංකාවේ ප්‍රධාන පුවත්පතක උප කතුවරිය ලෙස සේවය කරන ඇය, විවිධ සමාජීය කරුණු ගැන නිදහස් මාධ්‍යවේදිනියක් ලෙසද ලේඛනයේ යෙදෙන්නීය. ඇගේ 'All of the Oranges' කාව්‍ය එකතුව 2021 ග්‍රේෂන් සම්මාන උළෙලේ දීර්ඝ ලැයිස්තුගත විය.
පසු සටහන
මට Marianneගේ කවි මුණගැහුණේ අහම්බෙන්. ඒවායේ හෘදයංගම ගතියට වගේම raw, දැනෙනසුලු ගතියට මම කැමතියි. මේ කවිය මීට අවුරුදු කීපයකට කලින් දිනමිණ පුවත්පතේ පළ වුණු වෙලාවෙත් මම share කළා. ඒත් මේ වගේ කවි තවත් රසිකයන් අතරට යන්න ඕන නිසා මුල් කවියත් එක්කම ආයෙත් share කරන්න හිතුවා.
Digital art
කලින් පෝස්ට් එකේ quote එක වගේම සෑහෙන ගැඹුරු අදහසක්. කීප සැරයක් කියවන්න ඕනෙ.
ReplyDeleteමලී කියවලා තියෙනවද You Only Fall in Love Three Times (Kate Rose) පොත. (not that I agree with everything in that book). ඒ පොතේ තැනක තියෙනවා "it doesn't really mean we unlove, rather love changes, and our need for love changes as well කියලා (හරිම වචන නෙවෙයි). මේ කවියේ "..linger in its doorways hesitant, longing.." කොටස් එක්ක ඒක ඔලුවට ආවා
Lotus- That book sounds interesting. I checked and there is an audio version at my local library. I will borrow and listen. thanks for the suggestion!
Delete//our need for love changes as well // අනිවාර්යයෙන්. අපි evolve වෙද්දී ඒක එහෙම වෙනවානේ. ගොඩාක් සම්බන්ධතා වල ගැටළු ඇතිවෙන්නේ මේකට හැඩගැහුණේ නැති වුණාමයි නේද?
මම මේ මුල් කවියට කැමති ගැහැනු කෙනෙක්ගේ පැත්තෙන් සාමාන්‍යයෙන් සිද්ධ නොවෙන ජාතියේ වෙන්වීමක් ගැන කතාකරන නිසා. //let me leave you like that, effortlessly// සමහරවිට wishful thinking ද දන්නෙත් නැහැ :)