'The worst battle you'll have to fight is between what you know and how you feel.'-Turcois Ominek

February 25, 2025

උසුලා සිටීම


ගැහැනුන් උසුලා සිටින්නේ මොනවාද?
නිවෙස් සහ පවුල්
දරුවන් සහ ආහාර වේල්
මිතුදම්
රැකියාවන්
ලෝකයකම රාජකාරි
මනුසත් බවේ වැඩපල

ගැහැනුන් උසුලා සිටින්නේ මොනවාද?
මතකයන් සහ කරදර
ශෝකයන් සහ දිනුම්
ඒ හැම අතරේම
ආදරය

පිරිමින්ද මේවා උසුලා සිටිනමුත්
ඒ මෙලෙසම නොවේ

ඇතැම් දිනවල
මා සතුටින් හෝ තෘප්තියෙන් පසු වෙද්දී
මට මිනිසුන් සේනාවක් වුව
පෝෂණය කළ හැකි බව සිතේ

එහෙත් තවත් දිනවල
මට මගේ කුටිය හරහා පවා යා නොහැක
මගේ දෑත ගල් ගැසී ඇති සේ දැනේ

ගැහැනුන් උසුලා සිටින්නේ මොනවාද?
මේ උසුලා සිටීමේ නිමක් නැත
තමන් කළ දේ ප්‍රමාණවත් නැතැයි
ඔවුන්ට බොහෝ විට සිතේ
එහෙත් හෙට දිනයත්,
ඉන් පසු තවත් බොහෝ දිනත් උදා වේ
උසුලා සිටීම නොනිමේ

-Maira Kalman, 'What do women hold'
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Digital sketch
 

Maira Kalman කිවිඳියක් සහ චිත්‍ර ශිල්පිනියක්. පසුගිය වසංගත කාලයේදී තම අතින් නිමවූ චිත්‍ර 86ක් සහිතව ඈ What do Women Hold නමින් පොත් පිංචක් පළ කළා. ගැහැනුන්ට උරුම උසුලා සිටීම ඈ මෙහිදී මනාව අර්ථ දක්වා තිබෙනවා. ඉහතින් ඇත්තේ එහි කොටසක පරිවර්තනයක්. මේ කොටස වෙනුවෙන් නාඳුනන නිර්මාණකරුවෙකු අතින් නිමවුණු වීඩියෝවත් මගේ සිත් ගත්තා. 

2 comments:

  1. "පිරිමින්ද මේවා උසුලා සිටිනමුත් ඒ මෙලෙසම නොවේ" පිරිමි මේවා උසුලා සිටින විදිහ ගැන කතා කෙරනවා මදි නේද.

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus ඒවා ගැන ඇත්තටම කතා කෙරෙනවා මදි. පිරිමි ඒවා කියන්නේ නැහැ පිරිමි කමට මදි කමක් කියලා හිතලා. ඒත් suicidal rates බැලුවාම පේනවා ඒවා කොයිතරම් බරපතල මට්ටමක තියෙනවද කියලා.

      Delete